March 22, 2023

IPL හොර ගුහාවක් - තරගයට විනාඩි 8කට කලින් දිල්ලි කැපිටල්ස් ගහන ලකුණු ප්‍රමාණය හරියටම කියලා

මීට දින තුනකට පෙර එනම් ඔක්තෝම්බර් මස 11 වැනි දින පැවති මුම්බායි ඉන්දියන්ස් හා දිල්ලි කැපිටල්ස් අතර ප්‍රිමියර් ලීග් කුසලානය සඳහා වූ ක්‍රිකට් තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම රැස් කර ගන්නා ලකුණු ප්‍රමාණය තරගය ආරම්භ වීමට විනාඩි 8 කට පෙර නිවැරදිවම ප්‍රකාශ කිරීම පිළිබඳව මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.

එම තරඟයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 162ක් රැස් කරන බව ප්‍රතිවිරුද්ධ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ටුවිටර් ගිණුමේ සදහන්ව තිබුණි. පසුව එය ඔවුන් විසින් ඉවත් කර තිබේ.

එම තරගය ලකුණු 163ක් රැස්කරමින් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ජයග්රහණය කරන ලදී.

අති විශාල මුදලක් හුවමාරු වන ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලිය මේ වන විට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වේ.

අයි පී එල් තරඟාවලිය ක්‍රිකට් ඔට්ටු බහුලව අල්ලන වඩාත් දූෂිත තරගාවලියක් ලෙස ද ප්‍රකට ව තිබේ.

Rate this item
(4 votes)