April 19, 2024

කොරෝනා නිසා ජාතික ශූරතාවය අහිමි වූ ඔලිම්පික් ශූරිය Featured

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන හා පුහුණු වන ලෝක ශූර පිහිනුම් ක්‍රීඩිකා රුසියානු ජාතික යුලියා එෆිමෝවාට හට රුසියානු ජාතික ශූරතාවලිය අහිමි වී ඇත.

මෙසේ ඇයට ජාතික ශූරතාවය අහිමි වී ඇත්තේ තරඟාවලියට සහභාගී වීම සඳහා රුසියාව වෙත යෑමට අවස්ථාව නොලැබී යාම නිසයි.

ඇයට රුසියාව වෙත යෑම සඳහා ඍජු ගුවන් සේවා නොමැති වීමත් නිරෝධායන ක්‍රියාවලියට ලක්වීමට සිදුවීම නිසාත් මෙලෙස ඇයගේ ජාතික ශූරතාවය ඇයට අහිමි වී තිබේ.

තෙවරක් ලෝක ශූරතාවය දිනු යුලියා එෆිමෝවා රුසියාවේ උපත ලබා පසුව ඇමෙරිකාව වෙත පැමිණ ඇත්තේ ඇයගේ පුහුණු වීම් සඳහාය.

ඇයට ජාතික ශූරතාවය අහිමි වුවත් එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය සඳහා දිගටම පුහුණු වීම් කිරීමට කටයුතු කරනු ඇති බවද සඳහන්.

කොවිඩ්-19 වසංගතය පාලනය වනතුරු ඇයට නැවත සිය රටේ ජාතික කණ්ඩායම සමඟ එක්වීමට නොහැකි වනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 15:41