March 29, 2024

බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව බබළවති

ලෝක බැඩ්මින්ටන් සංගමය අනුමත යුරෝපා සංගමය සංවිධාන කළ කණිෂ්ඨ තරග 04 කට සහ ජ්‍යෙෂ්ඨ තරගයකට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔලිම්පික් පරිසාධන මට්ටම ලබාගෙන නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ.

රටවල් 25 කට වැඩි කණ්ඩායම් සහභාගී වූ එම තරගාවලිවල දී ලැබූ ජයග්‍රහණ මත ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරිමේ කේවල කණිෂ්ඨ අංශයේ 34 වැනි ස්ථානය බුවනෙක ගුණතිලක ලබා ඇත. 

සචින් ඩයස් 44 වැනි ස්ථානයත් කමෝද් රශ්මික 64 වැනි ස්ථානයත් ලබා ඇත.

මෙම සංචාරයේ දී බුවනෙක ගුණතිලක හා සචින් ඩයස්, යුගල අංශයේ ලෝක පරිසාධන මට්ටමේ 08 වැනි ස්ථානය ලබා ගැනීම විශේෂී බව කණ්ඩායමේ පුහුණුකරු පවිත්‍ර අබේසිරිගුණවර්ධන ගුවන්තොටුපොලේ දී පැවසී ය.

ප්‍රසාද් කුමාරසිරි 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 March 2014 15:46