March 29, 2024

මුවර්ස් එස්එස්සී තරගය ජය පැරදුමෙන් තොරයි

ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ සුපර් එයිට් තරග වටයේ මුවර්ස් ක්‍රීඩා සමාජය සහ එස්එස්සී ක්‍රීඩා සමාජය අතර ක්‍රීඩා තරගය ජය පරාජයෙන් තොර ව අවසන් විය.

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉණිමේ දී සියල්ලන් දැවී ලකුණු 437 ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස එස්එස්සී ක්‍රීඩා සමාජය පළමු ඉණිම සඳහා සියල්ලන් දැවී ලකුණු 400 ක් ලබා ගත්හ.

දෙවැනි ඉණිම සඳහා ක්‍රීඩා කළ මුවර්ස් ක්‍රීඩා සමාජය තරගය අවසන්වන විට කඩුළු 04 ක් දැවී ලකුණු 400 ක් ලබා ගත් බව වාර්තා වේ.

Rate this item
(0 votes)