April 25, 2024

ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන්

ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසාන අදියර 22 වැනිදා වවුනියාව සිට යාපනය දක්වා කි.මී. 141 ක් පසුකරමින් ජය ගැනීමට ගුවන් හමුදාවේ මධුෂංක පෙරේරා සමත් විය.

එහි දෙවන ස්ථානය ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් සතු කරගත් අතර තුන්වන ස්ථානය දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කරමින් ගාමිණි ජයවර්ධන හිමිකර ගත්තේය. 

තරගය පැවැත්වූ දින තුනෙහිම තරගකරුවන් කි. මී 409ක් පසුකොට ඇත.

 

Rate this item
(0 votes)