April 16, 2024

යොවුන් ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් වටය ඇරඹේ 

නැංජින් යොවුන් ඔලිම්පික් තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය අද(23) සහ හෙට (24) යන දෙදින පැවැත්වෙන අතර වත්මන් ශ්‍රී ලංකා ජාතික මේසපන්දු ශූරයා වන උදය රණසිංහ ඊට සහභාගීවේ. 

 

ඉන්දීයාවේ ගෝව නගරයේදී පැවැත්වෙන නැංජින් යොවුන් ඔලිම්පික් තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සහ ඉන්දියානු කනිෂ්ඨ විවෘත මේසපන්දු තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් සහ නිලධාරීන් 5 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදය රණසිංහ, ප‍්‍රසාද් ද සිල්වා සහ තිලිණ විජේසිරි යන කී‍්‍රඩකයන් ඇතුළත්ව සිටින අතර පුහුණුකරු සහ කණ්ඩායම් කලමණාකරු ලෙස රුසිරු තරංග මහතාද, අන්තර් ජාතික විනිසුරුකරුවකු ලෙස ප‍්‍රදීප් නිශාන්ත මහතාද ඊට ඇතුළත් වේ.

ඉන්දියානු කනිෂ්ඨ විවෘත මේසපන්දු තරඟාවලිය ලබන 25 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වේ.

Rate this item
(0 votes)