April 23, 2024

ශ්‍රී ලංකා කාන්තාවන් අයර්ලන්තය පරදයි

ලෝක ශූරතා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්ත කාන්තා පිල එරෙහිව ලකුණු 49ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඊයේ (20) සාවාහිදී සමත් විය.

කාසියේ වාසිය හිමිකරගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 170ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පිලට ලබාගත හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 121ක් පමණි.

මෙම තරගයේ නායිකා ශෂිකලා සිරිවර්ධනගේ නොදැවී රැස්කරනු ලැබූ  අර්ධ ශතකය හමුවේ අයර්ලන්තය එරෙහි ප්‍රබල ජයක් ලැබිමට ශ්‍රී ලංකා පිල සමත්විය.

 

Rate this item
(0 votes)