April 19, 2024

IPL ඉන්දියාවෙන් ඉවතට

ලබන වසරේ IPL තරගාවලිය ඉන්දියාවේ දී නොපැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා පවසා ඇත්තේ එය විදෙස් රටක දී පැවැත්වීමට අදාල කාරණා පිළිබඳ මේ වන විටත් සාකච්ඡා සිදුකොට ඇති බව යි.

ඒ සඳහා සුදුසු රටක් සහ ක්‍රීඩාංගණ සෙවීම ද අරඹා ඇති බව යි ඔහු වැඩි දුරටත් සඳහන් කොට ඇත්තේ.

2009 වසරේ IPL තරගාවලිය පැවැත්වූයේ ද දකුණු අප්‍රිකාව තුළ යි.

එමෙන්ම 2014 වසරේ පළමු තරග කිහියපය පැවැත්වූයේ ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ය.

Rate this item
(0 votes)