April 19, 2024

යගුලිය දැමීමෙන් නව ශී‍්‍ර ලංකා තරග වාර්තාවක්

යගුලිය දැමිමෙන් ශ‍්‍රී ලංකා වාර්තාව හිමි කර ගත් චරිත් ජීවන්ත කපුකොටුව අමෙරිකාවේ දී පසුගිය 16 වැනිදා පැවැති ක‍්‍රීඩා තරගාවලියක දී යගුලිය මිටර් 17.75 ක් දුරට දමමින් නව ශී‍්‍ර ලංකා තරග වාර්තාවක් තැබු බව ක‍්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

හලාවත ආනන්ද ජාතික පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන චරිත් මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කැරෝලිනා විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපන ලබමින් සිටි.

ඒ අතර පසුගිය දා එම විශ්ව විද්‍යාලයේ වින්ස්ටන් සාලිමි ක‍්‍රීඩාංගනයේ  දි පැවැති අන්තර් විශ්ව විද්‍යාලයීය ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලිසේ දි යගුලිය දැමීමේ ඉසව්වට සහභාගිවී මීටර් 17.75 ක් දුරට යගුලිය දමා ක‍්‍රිඩකයින් 17 දෙනෙකුගෙන් හය වන ස්ථානය ලබා ගත්තේය.

එය නව ශ‍්‍රී ලංකා වාර්තාවක් වන අතර ඔහු කලින් තබා ඇති ශ‍්‍රී ලංකා වර්තාව මිටර් 17.43 කි.

ඔහු නව ශ‍්‍රී ලංකා වාර්තාවක් තැබු තරගය 2014 අමෙරිකාවේ එක්සත් ජනපද විශ්ව විද්‍යාලයීය ජවන හා පිටිය ක‍්‍රීඩා උළෙලයි. 

එයට අමෙරිකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හදාරන අමෙරිකා එක්සත් ජනපදය -  ජැමෙයිකා- බහමාස් – යුක්රේනය වැනි දියුණු රටවල කි‍්‍රඩකයින් ද සහභාගි වු බව වාර්තා විය

හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු

 

Rate this item
(0 votes)