April 20, 2024

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයට ප්‍රහාරයක්

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණ තීරුවට කිසියම් පිරිසක් විසින් විෂ ද්‍රව්‍යක් දමා ගොස් ඇති බවට වාර්තාවේ.

තණ තීරුවේ තණ කොළ විනාශ කර දැමීමේ චේතනාවෙන් මෙය සිදුකරන්නට ඇති බවට පවසා ක්‍රීඩාංගණය භාර නිලධාරියා මාතර පොලීසිය වෙත පැමිණිල්ලක් ද කර තිබේ.

ක්‍රීඩා පිටියට නිසි ආකාරයෙන් ගේට්ටුවක් නොමැති අතර තැනින් තැන කැඩී ගිය තාප්පය හේතුවෙන් ඕනෑම පුද්ගලයෙකුට මෙම ක්‍රීඩාංගනයට ඇතුලු විය හැකි බව ද වාර්තා වේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 March 2014 13:50