April 14, 2021

රටවල් දෙකක් අතර දේශ සීමාවක් වටා තාප්පයක් හෝ වැටක් ඉදිවන්නේ එම රටවල් දෙක අතර සිටින පුද්ගලයින් වෙන් කර තැබීමට වූවත් ඇමෙරිකාව සහ මෙක්සිකෝව වෙන් කොට ඉදි කර තිබෙන දේශ සීමාව දෙරට අතර ජනතාව වඩාත් ළං කිරීමට හේතුවක් වී තිබේ.

මෙම දේශ සීමා වැටේ රටවල් දෙකටම කොටස් දෙකක් සවි වෙන ලෙස සීසෝ සවි කොට ඇති අතර ඒ රටවල් දෙකේම පුද්ගලයින් වැටෙන එහා සහ මෙහා සිට සීසෝ පැදීම කළ හැකිය.

ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ කුඩා දරුවන් මෙම වෙන් කර ඇති සිය රටට අයත් භූමියේ සිට මෙම සීසෝ පදින ආකාරය දැක්වෙන ඡායාරූප ද අන්තර්ජාලය පුරා පළ වී තිබුණි.

එම ඡායාරූප පහතින්,

මධ්‍යම මෙක්සිකෝවේ ඉරාපුවාටෝ නගරයේ සෞඛ්‍ය බලධාරීන් විසින් කොරෝනා සෞඛ්‍ය නීතිවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට අවවාදයක් දීම සඳහා වෙනස්ම ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔවුන් විසින් මෙක්සිකෝවේ වෘත්තීමය සටන්කරුවන් වන ‘ලූචා ලිබ්‍රේ’ සටන්කරුවන් යොදාගෙන මුහුණු ආවරණ නොපළඳන පිරිස් බය වැද්දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව නගරයේ ජනාකීර්ණ ප්‍රදේශවල මුහුණු ආවරණ නොපළඳින පිරිස් ඉල්ලක්ක කරගෙන තවත් සටන්කරුවෙකුට  ‘ලූචා ලිබ්‍රේ’  සටන්කරුවන් පහර දෙන ආකාරය රඟ දැක්වීමක් සිදුකර තිබේ.

බියට පත් වූ බොහෝ පිරිස් වහාම මුහුණු ආවරණ පැළැඳගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම ක්‍රම අනුගමනය කිරීමට හේතුව වී තිබුණේ එම නගරයේ ජනතාව විසින් සෞඛ්‍ය නිර්දේශයන් කඩ කිරීමත්, ඒවා පිළිනොපැදීමත් මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූ බව බලධාරීන් පෙන්වා දී තිබේ.

එම අවස්ථාවේ වීඩියෝ පහතින්,