January 27, 2021

ලෝකයේ ධනවත්ම පුද්ගලයින් දෙදෙනා මෙන්ම තාක්ෂණික දැවැන්තයින් දෙදෙනා වන එස්පේස් - එක්ස් සහ ටෙස්ලා සමාගම්වල හිමිකරු එලෝන් මස්ක් සහ ඇමසෝන් ව්‍යාපාරයේ හිමිකරු ජෙෆ් බෙසොස් අතර ඔවුන්ගේ ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන් උණුසුම් සටනක පැටලී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාල සබඳතා පුළුල් කිරීමේ අරමුණින් මෙම ආයතනයන් දෙක වන ස්ටාර් ලින්ක් සහ ඇමසෝන් විසින් නිර්මාණය කර තිබෙන චන්ද්‍රිකා පද්ධතින් දෙක සම්බන්ධයෙන් මෙම අර්බුදය හටගෙන තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව ඉදිරියේ එලෝන් සිය චන්ද්‍රිකා පද්ධතිය වන ස්ටාර් ලින්ක් පද්ධතියට පෘථිවියේට ආසන්න වායුගෝලයට ගෙන ඒම සඳහා අවසර ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇමසෝන් විසින් සිය විරුද්ධත්වය එයට ප්‍රකාශ කරමින් සිටියි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පද්ධතිය විසින් සිය චන්ද්‍රිකා පද්ධතියට බාධා ඇතිවනු ඇති බවයි. එමෙන්ම මේ නිසාම ඇමසෝන් චන්ද්‍රිකා ව්‍යාපෘතිය වන කුයිපර් චන්ද්‍රිකා සමඟ ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා ගැටීමේ අවදානමක් ඇති බවද ඔවුන් සඳහන් කර තිබුණි.

ස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය මඟින් මේ වන විට චන්ද්‍රිකා 1,000ක් පමණ කක්ෂගත කර ඇති අතර එම චන්ද්‍රිකාවලින් සපයන අන්තර්ජාල සම්බන්ධතා හැකියාවන් ඉතා ඉහළ මට්ටමක පවතින බවද වාර්තා වෙයි. මේ වන විට මෙම චන්ද්‍රිකා පද්ධතිය බීටා මට්ටමේ පරික්ෂණවල ඇති බවට සඳහන් වන අතර මෙම චන්ද්‍රිකාවලින් අන්තර්ජාලය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන විශේෂ ඇන්ටනා ලබා ගත් සිමීත පුද්ගලයින් ප්‍රමාණයකට පමණක් මේ වන විට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීමට තීරණය කර තිබේ.

ඇමසෝන්වලට අයත් කුයිපර් චන්ද්‍රිකා 3,236ක් සඳහා ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව විසින් අවසරය හිමිව ඇති අතර මේ වනතෙක් එම චන්ද්‍රිකා කක්ෂගත කර නොමැති බව සඳහන් වෙයි.

ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංක්‍රාන්තික ලිංගිකත්වයක් සහිත පුද්ගලයින්ට එරට හමුදාවට එකතු වීමට දමා තිබූ තහනම විධායක නියෝගයක් හරහා ඉවත් කිරීමට නව ජනපති ජෝ බයිඩන් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නියෝගය ලබා දෙමින් ජෝ බයිඩන් ජනාධීපතිවරයා විසින් පවසා ඇත්තේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය හමුදා සේවයට බාධාවක් නොවිය යුතු බවත් ඇමරිකාවේ ශක්තිය එහි විවිධත්වය තුළ පවතින බවත්ය.

නමුත් මෙම තීරණයට සමහර පිරිස් විසින් විරුද්ධත්වය ප්‍රකාශ කරමින් පවසා තිබුණු බවත් සඳහන් වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ටකෝමා ප්‍රදේශයේ දී පාර හරස් කරමින් සුපිරි කාර් රථවලින් විනෝද වූ පිරිසක් වැටලීමට ගිය පොලිස් රථයක් මිනිස්සුන් යට කරගෙන යන ආකාරය දැක්වෙන සංවේදී විඩියෝ දර්ශනයක් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

පසුගිය සෙනසුරාදා (23) දිනයේ දී මෙම සිදුවීම වී ඇති අතර වොෂින්ටන් නුවර පොලිස් දෙපාර්තුමේන්තුවට අයත් SUV රථයක් මෙම පාර හරස් කරමින් විනෝද වූ  පිරිස වැටලීමට පැමිණ තිබුණි.

මෙහිදී එම ස්ථානයේ රැස්ව සිටි පිරිසක් විසින් පොලිස් රථ හරස් කර පාරේ විනෝද වූ සුපිරි කාර් රථවලට පලා යෑමට අවස්ථාව ලබා දී තිබුණි.

මෙහිදී පොලිස් රථය හරස් කරගත් පිරිස විසින් රථයට පහර දී තිබුණු අතර පොලිස් රථය එක්වරම රැස්ව සිටි පිරිස යට කරගෙන පලා ගිය රථය පසුපස ගොස් තිබුණි.

එම ස්ථානයේ පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් රැස්ව සිට තිබුණු අතර පොලිස් රථයට යට වූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබූ බවද සඳහන් වෙයි.

මෙම සිදුවීමෙන් පසුව කෝපයට පත් පිරිසක් වොෂින්ටන් පොලීසියට එරෙහිව එම ස්ථානයේ උද්ඝෝෂණයක් ද කර තිබූ බව සඳහන් වෙයි.

මෙම වීඩියෝව දුටු බොහෝ පිරිසක් මෙය පරිගණක ක්‍රීඩාවල මෙන් ත්‍රාසජනක සිදුවීමක් බවටද ට්විටර් සමාජ මාධ්‍යයේ අදහස් පළ කර තිබුණි.

මෙහිදී පුද්ගලයින් කිහිප දෙනෙකුම පොලිස් රථයට යට වන ආකාරය ද එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ දුරකථන කැමරාවේ සටහන්ව තිබුණේ පහත අයුරිනි.

ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු වූ ලැරී කිංග් 87 වෙනි වියේ දී ජිවිතයෙන් සමුගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

කොවිඩ්-19 ආසාදිතව සිටි ලැරී පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබුණි.

ලෝක ප්‍රසිද්ධ සම්මාන වන Peabody Award, Emmy ඇතුළු සම්මාන රාශීයක් ද ඔහු දිනා ඇත.

ලෝකයේ ඉහළම පෙළේ රාජ්‍ය නායකයින් බොහෝ දෙනෙක් ඔහු විසින් වැඩසටහන්වලටද සම්බන්ධ කරගෙන තිබූ අතර ඔහුගේ CNN වැඩසටහන අතිශයෙන් ම ජනප්‍රියත්වයට පත්ව තිබුණි.

ඔහු මිය ගොස් තිබුණේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර රෝහලකදීය.

ඉරානයේ උත්තරීතර නායක මෙන්ම ආධ්‍යාත්මික නායක වන අයිතුල්ලා කමේනි විසින් ට්විටර් සමාජ මාධ්‍ය හරහා ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජීවිත තර්ජනයක් කර තිබේ.

අයිතුල්ලා කොමෙනි විසින් සිය ට්විටර් ගිනුමේ ඡායාරූපයක් පළ කර තිබුණු අතර එහි ඩොලන්ඩ් ට්‍රම්ප් ගෝල්ෆ් ක්‍රීඩා කරමින් සිටින ආකාරය දැක්වෙන රූපයක් ද එම අහසේ ඩ්‍රෝන යානයක් හෝ ගුවන් යානයක් ආකාරයේ දෙයක් ගමන් කරනා ආකාරයත් එහි සෙවනැල්ල ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වැටී තිබෙන ආකාරයද දැකගත හැකි විය.

මෙය බොහෝ විට ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ ඝාතනය වූ ඉරාන යුද නායක කාසෙම් සොලෙයිමනී ඝාතනය සම්බන්ධයෙන් කරන ලද තර්ජනය විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එමෙන්ම අයතුල්ලා කමේනිගේ ගිණුමේ ට්වීට් පණිවිඩය තුළින් මීට වසරකට පෙර බැග්ඩෑඩ් නුවරදී එක්සත් ජනපද ඩ්‍රෝන් යානයකින් ඝාතනය  කරන ලද ජෙනරාල් කාසෙම් සොලෙයිමනී ගැනද සඳහන් ව ඇති බවද සඳහන් වෙයි.

 ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධීපතිවරයා විසින් මීට පෙර කියා සිටියේ ඉරාන ජෙනරාල්වරයා “මිලියන සංඛ්‍යාත ජනතාවගේ මරණයට සෘජුව හා වක්‍රව වගකිව යුතු” බවයි.

ඉරානය සිය ජෙනරාල්වරයාගේ ඝාතනයට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද හමුදාවට අයත් ඉරාක ගුවන් කඳවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීය.

අයතුල්ලා කමේනි ඒ අවස්ථාවේ කියා සිටියේ “අපරාධකරුවන්ට දැඩි පළිගැනීමක් අපේක්ෂා කරන” බවයි.

කමේනි විසින් පළ කර තිබූ නවතම ට්වීට් සටහන තුළ “පළිගැනීම” යන වචනය රතු පැහැයෙන් දක්වා තිබූ අතර ඉතිරි සටහනේ සඳහන් වී තිබුණේ “සොලෙයිමනීගේ මිනීමරුවා සහ එය ඉල්ලූ තැනැත්තාට ගෙවීමට සිදුවනු ඇති” බවයි.

ට්විටර් සමාජ මාධ්‍යයෙන් මෙයට ප්‍රතිචාර දක්වා නොමැති වීම නිසා එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සිව ට්විටර් පරිශිලකයන් විසින් එම සටහන වෙත ටැග් කර තිබුණි.

මෙම කුරිරු මනෝ ව්‍යාධිකයා විසින් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු ඝාතනය කිරීම සඳහා විවෘතව සටහන් තබන්නේ කෙසේදැයි ට්විටර් පරිශිලකයන් විමසා සිටියේය.

ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචනයන් තිබුණත් ඔහුට මෙවන් තර්ජනයන් සිදු කළ හැක්කේ කෙසේදැයි තවත් පරිශිලකයන් විසින් විමසා තිබුණි.

අයිතුල්ලා කමේනිගේ පණිවිඩ ට්විටර් සමාජ මාධ්‍ය මඟින් ඉවත් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

කමේනි විසින් පළ කර තිබූ ඡායාරූපය පහතින්,

BBC ඇසුරිණි.

ලෝකයේ අද වන විට දේශගුණික විපර්යාසයන් මිනිසා මුහුණ දෙන භයානකම විනාශය බවට පත් වෙමින් තිබේ.

ලෝකයේ බොහෝ දෙනා මෙම දේශගුණික විපර්යාසයන් වැළැක්වීම සඳහා සිය උපරිම දායකත්වයද ලබා දෙමින් ඇති මොහොතක ලෝ ප්‍රකට බිලියනපතියෙකු මෙන්ම තාක්ෂණික දැවැන්තයෙකු වන එලෝන් මස්ක් විසින් ද ඩොලර් මිලියන 100ක් දැවැන්ත පරිත්‍යාගයක් නැතිනම් ත්‍යාගයක් ලබා දීමට තමා සුදානම් බව ප්‍රකාශයට පත් කළේය.

ඔහු මෙම පරිත්‍යාගය ලබා දීමට සුදානම් වන්නේ නව නිර්මාණයක් කිරීමට උත්සාහ කරන්නන් හටයි.

මස්ක් සිය ට්විටර් ගිනුමේ සටහන් කර ඇති ආකාරයට වායු ගෝලයට එකතු වන කාබන් එකතු කර ගැනීම සඳහා සාර්ථක තාක්ෂණික ක්‍රමවේදයක් නිර්මාණය කරන්නෙකු සඳහා තමා විසින් ඉහත කී දැවැන්ත ත්‍යාගය වන ඩොලර් මිලියන 100ක මුදල ලබා දෙන බවයි.

මේ පිළිබඳව වැඩි විස්තර තමන් විසින් එළැඹෙන සතියේ ඉදිරිපත් කරන බවද මස්ක් සඳහන් කර තිබුණි.

කාබන් විමෝචනය අද වන විට ලෝකයේ විශාලම පාරිසරික හානිය සිදු කරන දේ බවටද පත්ව ඇති අවස්ථාවක  ලෝකයේ දැවැන්ත තාක්ෂණික නිර්මාණකරුවා වන එලෝන් මස්ක් විසින් කරන ලද මෙම විවෘත ආරාධනය ලෝකයේ ඔහුව අනුගමනය කරන නව නිර්මාණකරුවන් හට කාලගුණික විපර්යාසයන්ට එරෙහිව සිය හැකියාවන් පෙන්වීමට හොඳ අවස්ථාවක් වනු ඇති බවද බොහෝ දෙනෙකු පවසා තිබුණි.

එලෝන් මස්ක්ගේ ට්විටර් සටහන පහතින්,




ඇමෙරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ඊයේ (20) දිනයේ දී දිවුරුම් ⁣දෙන ලදී.

ඔහුගේ දිවුරුම් දීමෙන් පසුව පළමු දිනයේම ලෝකයේ භාණ්ඩ ප්‍රවාහන සේවාව තුළ ඉහළින්ම සිටින සමාගමක් වන ඇමසෝන් සමාගම විසින් කොරෝනා වෛරසය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත් බෙදා හැරීම වේගවත් කර තිබේ.

කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය එන්නත් ලබා දීම ආරම්භ කර මාසයකට ආසන්න කාලයක් ගතව තිබුණත් එම කාල සීමාව තුළ මෙතරම් ඉක්මණිනි ⁣එන්නත් බෙදා හැරීම සිදු නොවුයේ මන්ද යන්න ගැටලුවත් දැන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඇතිවෙමින් තිබේ.

එමෙන්ම ඇමසෝන් ව්‍යාපාරයේ පාරිභෝගික සේවා අංශයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේව් ක්ලාක් ජෝ බයිඩන් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ පළමු දින 100 තුළ කොරෝනා එන්නත් මිලියන 100ක් තම ආයතනය විසින් බෙදා හැරීමට නියමිත බවයි.

ට්‍රම්ප් සහ ඇමේසන් ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස් විසින් 2015 සිට මතවාදාත්මක ගැටුම් ඇති කර ගත් අතර ඇමසෝන් හී දේශපාලනය රිපබ්ලිකානුවන්ට වඩා ඩිමොක්‍රටිකයන්ට පක්ෂව පුළුල් නැඹුරුතාවයකින් යුතුව පක්ෂව සිටිති.

ඇමෙරිකානු පුරවැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විටත් මෙම ක්‍රියාවට විරුද්ධව අදහස් පළ කරමින් සිටින අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ "ඇමෙරිකාවන්ගේ ජීවිතවලට වඩා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ලොකු වීම ගැන දැනගන්න ලැබීම ගැන සතුටු වෙනවා"යැයිද බොහෝ දෙනා පවසා සිටි අතර තවත් පිරිසක් විමසා තිබුණේ "මාසයකට කළින් ඔබලා කොහෙද හිටියේ.." යන්නයි.

තවත් පුද්ගලයෙකු සඳහන් කර තිබුණේ ඇමසෝන් ආයතනය විසින් ඔවුන්ගේ උපරිම පහසුකම් මෙතරම් වේගයෙන් යෙදවීම තුළින් එක් රාත්‍රීයක් තුළ කොරෝනා වෛරසය අතුරුදහන් වුවත් පුදුම නොවන බවයි.

ජෝ බයිඩන් සිය දේශපාලන ව්‍යාපාරය තුළ දිගින් දිගටම ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා කළේ ඔහු විසින් කොරෝනා පාලනයට සහ මරණ වළක්වා ගැනීමට පියවර නොගන්නා බව පවසමිනි.

ඇමෙරිකාව ලෝකයේ කොරෝනා මරණ වැඩිම ප්‍රමාණයක් වාර්තා වන රටවන අතර පසුගිය කාල සීමාව තුළ දිනකට 4000ක් පමණ මිය ගිය අවස්ථාව වාර්තා විය.

ඊයේ (20) දිනය විට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සමස්ත මරණ ලක්ෂ 4ක් වාර්තා වී තිබුණි.

රටවල් දෙකක් අතර දේශ සීමාවක් වටා තාප්පයක් හෝ වැටක් ඉදිවන්නේ එම රටවල් දෙක අතර සිටින පුද්ගලයින් වෙන් කර තැබීමට වූවත් ඇමෙරිකාව සහ මෙක්සිකෝව වෙන් කොට ඉදි කර තිබෙන දේශ සීමාව දෙරට අතර ජනතාව වඩාත් ළං කිරීමට හේතුවක් වී තිබේ.

මෙම දේශ සීමා වැටේ රටවල් දෙකටම කොටස් දෙකක් සවි වෙන ලෙස සීසෝ සවි කොට ඇති අතර ඒ රටවල් දෙකේම පුද්ගලයින් වැටෙන එහා සහ මෙහා සිට සීසෝ පැදීම කළ හැකිය.

ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ කුඩා දරුවන් මෙම වෙන් කර ඇති සිය රටට අයත් භූමියේ සිට මෙම සීසෝ පදින ආකාරය දැක්වෙන ඡායාරූප ද අන්තර්ජාලය පුරා පළ වී තිබුණි.

එම ඡායාරූප පහතින්,

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව දේශපාලන පක්ෂය පිහිටුවීමට අදහස් කරගෙන ඇතැයි ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු විසින් පවසා තිබේ.

නමුත් එම උපදේශකවරයා විසින්ම එම අදහස පසුව බැහැර කර තිබුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ඔහු නියෝජනය කරනු ලබන රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන්ගේ අප්‍රසාදයටද ලක්ව සිටියි.

ට්‍රම්ප් විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුව වීමට අදහස් කර ඇතත් එය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් මේ වනතුරු මාධ්‍ය වෙත හෙළි වී නොමැති නමුත් ට්‍රම්ප් සිය අවසන් කතාවේදී පවසා තිබුණේ තමා ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යන බවයි.

වෝල් ස්ට්‍රීට් ජර්නලය මාධ්‍ය ආයතන විසින් ට්‍රම්ප් නව පක්ෂයක් පිහිටුවීම කෙරෙහි උනන්දුවක් දක්වන බවට මුලින්ම වාර්තා කළ අතර එම පක්ෂය හිටපු ජනාධිපතිවරයා විසින් “දේශප්‍රේමී පක්ෂය” ලෙස හඳුන්වනු ඇති බවද සඳහන් කර තිබුණි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) දිනයේ දී සිය ධූරයෙන් සමුගැනීමේ කතාව කරන ලදී.

එහිදී ජනාධිපතිවරයා විසින් සඳහන් කර සිටියේ ඔවුන් බලයට පැමිණි කාරණය ඉටු කළ බවත්, ඊටත් වඩා දේවල් කළ බවත්ය. එමෙන්ම ලෝක ඉතිහාසය තුළ ඇමෙරිකාව සතු විශිෂ්ඨම ආර්ථිකය ගොඩ නැගූ බවද හෙතෙම සඳහන් කළේය.

තම පාලනය මැදි පෙරදිග සාමය ඇති කිරීමට කටයුතු කළ බවත් විශේෂයෙන්ම ගෙවී ගිය දශකය තුළ කිසිදු යුද්ධයක් ආරම්භ නොකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තමන් ආඩම්බර වන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේය.

ඒ සියල්ලටම වඩා ඇමෙරිකානු රජය සිය ජනතාව වෙත පිළිතුරු ලබා දෙනවා යැයි කියන පාරිශුද්ධ වූ අදහස තම පාලනය විසින් තහවුරු කළ බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටියේය.

ඇමෙරිකාව අමතක කර දමා තිබූ එම අදහස නැවත ඇති කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එමෙන්ම සිය පාලනය පිළිබඳව ජනතාවට ඇති විශ්වාසය නැති ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨත්වය නැති වීමට සමාන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවසා සිටියේය.

“තමන්ගේ සාරධර්ම, ඉතිහාසය සහ වීරයන් කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගන්නා කිසිම ජාතියකට දිගු කලක් දියුණුවට පත්විය නොහැකිය. මක්නිසාද යත්, අපගේ එකමුතුකමේ සහ අපගේ ජීව ශක්තියේ මූලාශ්‍ර මේවාය” යනුවෙන් ද ජනාධිපතිවරයා සිය කතාව තුළින් ජනතාවට පවසා සිටියේය.

Page 1 of 9