April 19, 2024

දකුණු කොරියානු යාත්‍රා අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

දකුණු කොරියාවේ දී අනතුරට ලක්වූ සිවෝල් යාත්‍රාවේ සිට මිය ගිය සංඛ්‍යාව 104 ක් දක්වා ඉහළ ගොස් පුද්ගලයින් 198 දෙනෙකු අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

මෙම යාත්‍රාව පැය 2ක කාලයක් තුළ මුහුදුබත්ව ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

Rate this item
(0 votes)