April 25, 2024

අපිට කොට ගවුම් එපා  

ජපානයේ ගුවන් සමාගමක් කාන්තා ගුවන් සේවිකාවන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දී ඇති අතර එය අහසේ නිල් පැහැය ඇති ඇඟට හිර මිනි ගවුමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගණුදෙනුකරුවන් ආකර්ශනය කර ගැනීමේ උපායක් ලෙස  ගුවන් සේවිකාවන්ගේ ඇඳුම වෙනස් කර ඇති අතර ගුවන් සේවිකාවන් සඳහා එය කෙසේවත් සුදුසු ඇඳුමක් නොවන බව ජපාන ගුවන් සේවිකාවෝ පවසන බව වාර්තා වේ.

කාන්තාවන් නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස සලකා ගණුදෙනුකරුවන් ආකර්ෂණ කර ගැනීමට ඔවුන් ව භාවිත කිරීම කිසිසේත් අනුමත නොකරන බව එය ප්‍රතික්ෂේප කරමින් ගුවන් සේවිකාවෝ පවසති.

Rate this item
(0 votes)