April 25, 2024

ඔබාමාගේ නැන්දණිට මරුට 

පිළිකාවකින් පීඩා විඳිමින් සිටි අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ නැන්දණිය බොස්ටන් නුවර දී මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබාමාගේ පියාගේ සහෝදරියකවන ඇය වසර 2008 දී කෙන්යාවේ සිට අමෙරිකාවට පැමිණ ඇති අතර ඇයගේ සංක්‍රමණික භාවය පිළිබඳ ගැටලු මතු ව තිබේ.

එම කාලයවන විට ජනාධිපති බැරැක් ඔබාමා ජනාධිපති මැතිවරණය සඳහා මැතිවරණ ව්‍යාපාරයේ නියැළි සිට තිබේ.

ඇය වසර 2002 දී කෙන්යාවේ සිට අමෙරිකාවට පැමිණ ඇති අතර ඇය දෙවරක් රටින් පිට කිරීමට අධිකරණය මගින් නියෝග කර ඇතැයි වාර්තා වේ.

එහෙත් එම අවස්ථා දෙකේදී ම ඉහළ අධිකරණයට අභියාචානා ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඇය නීතිඥයෙක් මාර්ගයෙන්  ග්‍රීන් කාඩ් පහසුකම් ලබා ගෙන ඇත.

Rate this item
(0 votes)