March 29, 2024

රටවල් තුනක් එකවරම අඳුරු වෙයි

මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයකට එකවරම විදුලි බලය විසන්ධි වී ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස විදුලිය විසන්ධි වී ඇත්තේ කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ කසක්ස්තානය යන රටවල්වලට යි.

මේ හේතුවෙන් මිලියන ගණනක ජනතාවකට අඳුරේ සිටීමට සිදුව ඇති බව යි පැවසෙන්නේ.

මෙම රටවල් තුනටම විදුලිය සපයනු ලබන්නේ ඒකාබද්ධ ග්‍රිඩ් පද්ධතියක් මගින්.

එම පද්ධතියේ හටගත් දෝශයක් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවට සැක කෙරෙනවා.

එහි විදුලිය ගලා යාමේ අසමතුලිතතාවක් මෙයට හේතු වන්නට ඇති බව සඳහන්.

මේ අතර හදිසියේ සිදු වූ අනතුරක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට ද එම රටවල්වලින් ලැබෙන ඇතැම් පුවත් වාර්තා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 January 2022 05:57