March 19, 2024

ස්වීඩනයේ අගමැතිනිය ඉල්ලා අස්වෙයි : ධූර කාලය පැය 12යි

November 25, 2021

ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය පත්වී පැය කිහිපයකට පසු ඉල්ලා අස්වී තිබෙනවා. "මැග්ඩලීනා ඇන්ඩර්සන්" බදාදා නායිකාව ලෙස ප්‍රකාශයට පත් කරන ලද නමුත් ඇගේ සභාග සහකරු රජයෙන් ඉවත් වූ පසු ඇගේ අයවැය සම්මත කරගැනීමට අපොහොසත් වීමත් සමඟ ඇය මෙම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළා.

ඒ වෙනුවට, සංක්‍රමණ විරෝධී අන්ත දක්ෂිනාංශය ඇතුළත් විපක්ෂය විසින් සකස් කරන ලද අයවැයක් සඳහා පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශකර තිබෙනවා.

"මට ඉල්ලා අස්වීමට අවශ්‍ය බව මම කථානායකවරයාට පැවසුවා," ඇන්ඩර්සන් මහත්මිය වාර්තාකරුවන්ට පැවසා තිබුණා.

ඇයගේ සභාග හවුල්කරුවා වන ග්‍රීන්ස් පක්ෂය පැවසුවේ "අන්ත දක්ෂිනාංශය සමඟ පළමු වරට කෙටුම්පත් කරන ලද" අයවැයක් පිළිගත නොහැකි බවයි.

තනි පක්‍ෂයක, ආණ්‌ඩුවේ නායිකාවක්‌ ලෙස නැවත අගමැති වීමට උත්සාහ කිරීමට බලාපොරොත්තු වන බව ඇන්ඩර්සන් මහත්මිය පැවසා තිබුණා.

"එක් පක්ෂයක් ඉවත් වූ විට සභාග රජයක් ඉල්ලා අස්විය යුතු බවට ව්‍යවස්ථාපිත භාවිතයක් තිබෙනවා. නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරන රජයකට නායකත්වය දීමට මට අවශ්‍ය නැති බව "මැග්ඩලීනා ඇන්ඩර්සන්" වැඩිදුරටත් පවසා තිබුණා.

සාමාජිකයින් 349 දෙනාගෙන් 174 දෙනෙක් ඇයට විරුද්ධව ඡන්දය දුන්හ. එහෙත් ඇන්ඩර්සන් මහත්මියට සහාය දුන් මන්ත්‍රීවරුන් 117 දෙනාගෙන් තවත් 57 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, ඇයට තනි ඡන්දයකින් ජයග්‍රහණය හිමි විය.

උප්සලා විශ්ව විද්‍යාල නගරයෙන් හිටපු කනිෂ්ඨ පිහිනුම් ශූරියක වූ ඇය 1996 දී එවකට අගමැති ගෝරාන් පර්සන්ගේ දේශපාලන උපදේශකවරියක් ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ ඇය මුදල් ඇමතිවරයා ලෙස පසුගිය වසර හතක් ගත කර තිබෙනවා.

 

Rate this item
(0 votes)