March 19, 2024

බස් රථ ඛේදවාචකයක්! හේතුව අබිරහසක්! (PHOTOS)

November 24, 2021

බල්ගේරියාවේ සොෆියා අගනුවර ආසන්නයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 46 දෙනෙකු මරණයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

විනෝද චාරිකාවක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටි බස් රථයක් මෙම අනතුරට භාජනය වී ඇති බව සඳහන්.

එහි දී බස් රථය මාර්ගය ආසන්නයේ වූ පැති බාධකයක ගැටී ඇති අතර රථය ගිනි ගැනීමට ද ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් ගින්න හටගත්තේ බස් රථය පැති බාධකයේ ගැටීමෙන් අනතුරුවද, එසේත් නොමැති නම් ගින්නට පසු එය ගැටුනේ ද යන්න තවමත් අනාවරණය වී නැහැ.

එමෙන්ම මෙම අනතුර සිදුවීමට වූ නිෂ්චිත හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති පසුබිමක එය අබිරහසක් බවට පත්ව ඇති බව බල්ගේරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

අනතුරින් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇති අතර රථයේ සිටි පිරිසෙන් දිවි ගලවාගෙන ඇත්තේ පුද්ගලයින් 07 දෙනෙකු පමණයි.

ජනෙල් වීදුරු කඩා පිටතට පැමිණ ඇති ඔවුන් ද දරුණු පිළිස්සුම් තුවාළ ලබා ඇති බව වාර්තා වූවා.

එමෙන්ම දිවි ගලවාගත් 07 දෙනාම එකම පවුලෙහි සාමාජිකයන් බව පැවසෙනවා.

මියගිය පිරිස අතර ද එකම පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුම සිටින බව යි වාර්තා වන්නේ.

මරණයට පත් වූ අය අතර කුඩා ළමුන් 12 දෙනෙකු ද සිටිනවා.

ඒ අතර වයස අවුරුදු 04ක් වූ නිවුන් දරුවන් දෙදෙනෙකු ද සිටින බව සඳහන්.

එම දරුවන් දෙදෙනා සිය මවත් සමග ඇගේ තුරුලෙහිම මිය ගොස් සිට ඇති අතර ඒ අසළම දරුවන්ගේ පියාගේ මළ සිරුර ද හමුව තිබෙනවා.

මෙවන් දර්ශන හමුවේ ගිනි නිවීමේ නිලධාරීන් සහ ගලවාගැනීමේ නිලධාරීන් දැඩි ලෙස සංවේදී වූ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. 

මේ අතර මෙම අනතුර පිටුපස යම් පිපිරීමක් ඇති දැයි සැක මතුව තිබෙනවා.

ඒ දිවි ගලවාගත් පුද්ගලයෙකු ලබා දුන් ප්‍රකාශයක් හේතුවෙන්.

ඔහු පවසා ඇත්තේ සිදුවීම වන අවස්ථාවේ දී රථයේ මගීන් සියළු දෙනාම පාහේ නින්දේ පසුවුණු බවට යි.

කෙසේ වෙතත් පිපිරීම් ශබ්දයකින් තමන් ඇතුලු පිරිස අවදි වූ බව ඔහු පවසා තිබෙනවා.

සිදුවීම පිළිබඳව ඇති අපැහැදිලිතා හේතුවෙන් අනතුර පිළිබඳව බල්ගේරියානු බලධාරීන් මේවන විට පුළුල් ලෙස පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

https://www.aljazeera.com/wp-content/uploads/2021/11/2021-11-23T103550Z_2064128152_RC280R9B8U7M_RTRMADP_3_BULGARIA-ACCIDENT.jpg?resize=770%2C513

https://balkaninsight.com/wp-content/uploads/2021/11/h_57310850-1280x721.jpg

https://resize.indiatv.in/resize/newbucket/905_-/2021/11/bulgaria-bus-crash-ap-1637683100.jpg

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 24 November 2021 11:44