April 19, 2024

කෝවිල බේරාගන්න දෙවියන් අසමත් වෙයි! ඇදහිය නොහැකි ජල කඳකින් තිරුපති වැසීයයි! (VIDEO)

November 19, 2021

ඇදහැලෙන අධික වැසි තත්ත්වය යටතේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ චිත්තූර් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබෙනවා.

ඒ අනුව තිරුමාලා සහ තිරුපති ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

ඉන්දියාවෙන් ලැබෙන රූප රාමුවල දැක්වෙන්නේ සුනාමි අවස්ථාවක දී මෙන් එකවර මහා ජල කඳක් එම ප්‍රදේශවලට ගලා එන ආකාරයයි.

එම ප්‍රදේශවල ජනතාව මේවන විට සිය දිවි ගලවා ගැනීම සඳහා උන් හිටිතැන් අතහැර උස් ස්ථාන වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වෙනවා.

මේ අතර ඉන්දියාවේ මෙන්ම මෙරට ජනතාව අතර ද ප්‍රසිද්ධ සිද්ධස්ථානයක්වන තිරුපති කෝවිල ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙනවා.

ශුද්ධ වූ කඳු පෙළක් ලෙස සැළකෙන තිරුමාලා කඳු මුදුනේ සිට මහා ජල කඳක් පහළට ගලා එන ආකාරය එම ප්‍රදේශයෙන් ලැබෙන වීඩියෝ දසුන්වල දැක්වෙනවා.

මෙම තත්ත්වය මත කෝවිල වසා දැමීමට කටයුතු කිරීමටයි තිරුපති කෝවිලෙහි භාරකාරීත්වයට සිදුව ඇත්තේ.

ඊයේ (18) රාත්‍රියෙහි කෝවිලෙහි අභ්‍යන්තරය ද ජලයෙන් පිරී ගිය බව වාර්තා වෙනවා.

කෝවිල තුළ ඇති ජලය පොම්ප මගින් ඉවත් කිරීමට එහි බලධාරීන් උත්සහ දරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ අතර කෝවිල වෙත පිවිසෙන මාර්ග ද ජලයෙන් යටවී හෝ නාය යෑම් වැනි තත්ත්වයන්ගෙන් අවහිර වී හෝ පවතින බව පැවසෙනවා.

මෙවන් වාතාවරණයක් මත, ජල ගැල්ම ආරම්භවන විට කෝවිලට සහ එය අසළට පැමිණ සිටි බැතිමතුන් සිය ගණනක් තවමත් එම ප්‍රදේශයන්හි සිරවී ඇති බව වාර්තා වෙනවා.

විශ්ණු දෙවියන්ගේ එක් ස්වරූපයක්වන වෙන්කතේස්වර වෙනුවෙන් තනා ඇති තිරුපති කෝවිල මෙරට දේශපාලනඥයන් අතර ද දැඩි භක්ත්‍යාදරයට පාත්‍ර වූවක්.

මෙරට සිට තිරුපති වන්දනා කිරීමට යන පිරිස් අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැන්නවුන් විශේෂයෙන් කැපී පෙනුණා.

Image

Rate this item
(1 Vote)
Last modified on Friday, 19 November 2021 19:44