April 20, 2024

බසයේ දී ෆෝන් එකෙන් සින්දු අහන්න බෑ! මගීන්ට අලුත් තහනමක්!

November 15, 2021

බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට අමුතු තහනමක් පැනවීමට ඉන්දීය කර්ණාටක ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පොදු වාහන තුළ දී සිය ජංගම දුරකථන ඔස්සේ ගීත ශ්‍රවණය කිරීම තහනම් කරමිනුයි මෙම නීතිය පනවා ඇත්තේ.

එමෙන්ම පොදු වාහන තුළ ජංගම දුරකතන හරහා වීඩියෝ නැරඹීම ද මෙමගින් තහනම් කොට ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයකට අනුවයි මෙම තහනම පනවා ඇත්තේ.

පොදු ප්‍රවාහන සේවා තුළ ජංගම දුරකතනයෙන් ගීත ශ්‍රවණය සහ වීඩියෝ නැරඹීම මගින් අනෙක් මගීන් අපහසුතාවට ලක්වන බවට පවසමින් කර්නාටක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

එහි දී ජංගම දුරකථන ස්පීකර්වලින් නිකුත් වන ශබ්දය හේතුවෙන් මෙලෙස සෙසු මගීන් අපහසුතාවයට පත්වන බවයි අදාළ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.

එය සැළකිල්ලට ගත් අධිකරණය ප්‍රවාහන බලධාරීන්ට නියෝග කර ඇත්තේ පොදු මගී ​සේවා බස් රථ තුළ අධික ශබ්දයෙන් ජංගම දුරකථන යොදාගෙන ගීත ඇසීම හා වීඩියෝ නැරඹීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙසට යි.

එමෙන්ම මෙම උපදෙස් නොසලකා කටයුතු කරන මගීන් අදාළ බස්රථවලින් ඉවත් කිරීමට ද ඔවුන් වෙත බලය පවරා ඇති බව පුවත් වාර්තා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 14:03