April 25, 2024

"මලාලා" තලේබානුවන්ට බලකරමින් ලිපියක් යවයි

කාන්තා අධ්‍යාපනය සඳහා පනවා ඇති තහනම ඉවත් කර රට පුරා බාලිකා ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් වහාම විවෘත කරන ලෙස මලාලා ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකත්වයට බලකර තිබෙනවා.

කාබුල්හි නව පාලකයින් කාන්තා අයිතීන්ට ගරු කරන බවට ලෝකයට දුන් පොරොන්දුව ඉටු කළ යුතු බව ඇය පැවසා තිබෙනවා.

තලේබාන් පාලනයට විවෘත ලිපියකින් 2014 නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා කියා සිටියේ ලෝකයේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය තහනම් කර ඇති එකම රට ඇෆ්ගනිස්ථානය බවයි.

"බාලිකා අධ්‍යාපනය තහනම් කළ ලොව එකම රට ඇෆ්ගනිස්ථානයයි"

ලන්ඩනයේ වෙසෙන 24 හැවිරිදි පකිස්ථානු ක්‍රියාකාරිකාරිනියක් වන මලාලා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, "ගැහැණු ළමයින් අධ්යාපනය නොලබන ලොව එකම රට දැන් ඇෆ්ගනිස්ථානය බවයි.

සෑම ඇෆ්ගනිස්ථානු තරුණියක්ම නැවත පාසැල් වෙත ගෙන යාමට සෑම තැනම සිටින නායකයින් වහාම තීරණාත්මක පියවර ගත යුතු බව මලාලා වැඩිදුරටත් ඉලීමක් කර තිබුණා.

 

Rate this item
(0 votes)