April 17, 2024

තලේබානුවන් ඇෆ්ගනිස්තාන වොලිබෝල් ක්‍රීඩිකාවක් හිසගසා මරාදමයි

ඇෆ්ගනිස්ථානයෙන් හද කම්පා කරවන පුවතක් වාර්තා වනවා. තලේබාන් සටන්කාමීන් එරට කණිෂ්ඨ කාන්තා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවකගේ හිස ගසා දමා ඇති බව කියැවෙනවා.

සම්මුඛ සාකච්ඡාවකදී කණ්ඩායමේ පුහුණුකාරිනිය පැවසුවේ ඔක්තෝම්බර් මාසයේදී තලෙයිබාන්වරුන් විසින් මහජබින් හකිමි නම් ක්‍රීඩිකාවක් ඝාතනය කළ නමුත් කැරලිකරුවන් එය හෙළි නොකරන ලෙස ඔහුගේ පවුලට තර්ජනය කළ නිසා මෙම බිහිසුණු සංහාරය ගැන කිසිවෙකු දැන නොසිටි බවයි.

මහජබීන් අෂ්රෆ් ඝානි රජය බිඳවැටීමට පෙර ඇය කාබුල් නගර සභා වොලිබෝල් සමාජය සඳහා ක්‍රීඩා කර තිබෙනවා. ඇය දක්ෂ වොලිබෝල් තාරකවක්. දින කිහිපයකට පෙර, ඇයගේ වෙන්වූ හිස සහ ලේ වලින් තෙත් වූ සිරුරේ පින්තූර සමාජ මාධ්‍ය තුළ පළ වුණා.

ඇෆ්ගනිස්ථානු කාන්තා ජාතික වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකාරිනිය පැවසුවේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පෙර මෙරටින් පැන යාමට සමත් වූයේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පමණක් බවයි. පැන යාමට අසමත් වූ අවාසනාවන්ත ක්‍රීඩිකාවන් අතර මෙහ්ජාබීන් හකිමි ද වුණා.

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය අල්ලා ගැනීමෙන් පසු කාන්තා ක්‍රීඩිකාවන් ඉලක්ක කර ගනිමින් ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට පටන් ගෙන තිබෙනබවට වාර්තා වෙනවා. ඇෆ්ගනිස්ථානයේ සටන්කාමී කාන්තා වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකයින් සෙවීම මේ වන විටත් දැඩි කර ඇති බව පුහුණුකාරිනිය වැඩිදුරටත් පවසා තිබුණා..

Rate this item
(1 Vote)