April 25, 2024

ශාරුක්ගේ පුතාට ඇප දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පසුගිය ඔක්.3 වැනිදා සුපිරි නෞකාවක පැවැති සාදයක් අතර ඉන්දියානු සිනමාවේ දැවැන්තයා වන ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් අත්අඩංගුවට පත්වුණා.

මෙලෙස ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනිමේ චෝදනාව යටතේයි.

මේ වන සිරගතව සිටින ආර්යන් ඛාන් අදාළ නඩුවේ පළමු විත්තිකරුවා ලෙසද නම් කර තිබෙනවා.

අද (20) දිනයේ ආර්යන් ඛාන් හට ඇප ලබාගැනීම සඳහා මුම්බායි මහධිකරණය වෙත ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණය විසින් ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබුණා.

ආර්යන් ඛාන්ගේ නීතිඥයින් විසින් දිගින් දිගටම අධිකරණයේ ඔහු සතුව මත්ද්‍රව්‍ය තිබී හමු නොවුණු බව පැවසුවත් ඇප ලබාගැනිමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඇප ලබාගැනිම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවද නීතිඥයින් විසින් මාධ්‍ය වෙත පවසා තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 October 2021 17:10