March 29, 2024

දකුණු ඉන්දියාවට බලපෑ ප්‍රබල ගංවතුරෙන් ජීවිත රැසක් අහිමි වෙයි

අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීම නිසා නගර සහ ගම් යට වීම හේතුවෙන් දකුණු ඉන්දියාවේ පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මියගිය අය අතර ළමුන් පස් දෙනෙක් ද සිටින අතර බොහෝ පුද්ගලයින් අතුරුදන් වී ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

කේරළ ප්‍රාන්තයේ කෝට්ටම් දිස්ත්‍රික්කයේ නිවාස කිහිපයක් ගංවතුරට හසුව මිනිසුන් සිරවී සිටින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

කේරලයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නායයාම් ඇති වී ඇති අතර මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දීය හමුදාව එක් වී සිටිනවා.

ගලවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා ද යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 October 2021 08:20