April 25, 2024

ගොවි උද්ඝෝෂණ නවත්තන්න ගොවියෙකුව කපාකොටා පාරේ එල්ලූ රට

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සොනිපාට් දිස්ත්‍රික්කයේ කුන්ඩ්ලි හී ගොවි විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයක පුද්ගලයෙකු කෲර ලෙස ඝාතනය කර එල්ලා තිබියදී සොයා ගෙන තිබෙනවා.

එම පුද්ගලයාගේ වම් අතෙහි මැණික් කටුව අසලින් සහ පාදයක්  කපා දමා තිබුනු සොනිපාට් දිස්ත්‍රික් පොලීසිය පවසා සිටියේ.

මෙලෙස ඝාතනයට ලක්ව තිබූණේ පන්ජාබ් ජාතිකයෙකු වන ලක්‍බීර් සිං නම් පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාවේ සිටින නිහාන්ග්ස් - ‘රණශූර’ සික් ජාතිකයින්ට චෝදනා එල්ලවී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඝාතනය තුළින් ආගමික ගැටලුවක් ඇති කිරීමේ උත්සාහයක් ඇති බවටද ඉන්දියානු ආගමික සංවිධානයන් පෙන්වා දෙනවා.

ගොවි සංවිධානයන් කියා සිටින්නේ අදාළ මිය ගිය පුද්ගලයා සමඟ සිය සංවිධානයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් වැරැදිකරුවන්ට වාහම දඬුවම් ලබාදෙන ලෙසයි.

සිදුවිම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුවෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 October 2021 18:52