April 20, 2024

බොලිවුඩ් චිත්‍රපටයක් බඳු වූ "කිංග් ඛාන්" පුතාගේ නඩුවේ නවතම කතාව

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවට වන චෝදනා පිට පසුගිය 02 වැනිදා අත්අඩංගුවට පත් ඉන්දීය සිනමා රජු ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ව අද (13) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ආර්යන් ඛාන්ගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ විසින් වැටලිම කරන අවස්ථාවේ ආර්යන් ඛාන් අදාළ නෞකාවේ නොසිටි බවයි.

ආර්යන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අමිත් දේසායි පැවසුවේ නෞකාව පරික්ෂා කරන අවස්ථාවේ තමන්ගේ සේවා දායකයා එහි නොසිටි බවත් ඔහු ළඟ තිබී කිසිදු මත්ද්‍රව්‍යයක් සොයා ගැනීමටත් නොහැකිවූ බවයි.

එමෙන්ම ආර්යන්ට මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කිසිදු මුදලක් ඔහු සතුව නොතිබුණු බවද නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියා.

මීට පෙර මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ආර්යන් සතුව තිබී චරස් නොහැති ගංජාවලින් සාදන ලද මත්ද්‍රව්‍යයක් සොයා ගත් බවයි.

නීතිඥයින් දැඩිව අධිකරණයට කියා සිටියේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ විසින් මත්ද්‍රව්‍ය චෝදනාව පිළිගන්නා ලෙස ආර්යන් හට බලපෑම් කර ඇති බවටයි.

මෙම වැටලීම අවස්ථාවේ නෞකාවේ මත්ද්‍රව්‍ය නොතිබුණු බවත් වැටලීම කළ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය රැගෙන ගොස් ඒවා සිය සේවාදායකයාගේ යැයි පවසා එම චෝදනාවලට බලහත්කාරයෙන් පැටලු බවත් නීතිඥයින් අධිකරණය වෙත පවසා තිබුණා.

කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ අධිකරණය වෙත කරුණු පැහැදිළි කරමින් පවසා තිබුණේ අනෙකුත් අත්අඩංගුවට ගත් පිරිස සමඟ ආර්යන් ඛාන්ද සම්බන්ධ බවයි, එබැවින්ම ඔහුව චෝදනාවලින් ඉවත් කළ නොහැකි බවද පවසා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 17:21