March 29, 2024

අත්භූත වට්ස්ඇප් ගෲප් එක තරුණියක් බිලි ගත්ත හැටි

බ්‍රිතාන්‍ය තුළ දැඩි ආන්දෝලනාත්මක සියදිවි නසා ගැනීම් පෙළක් පසුගිය සමය තුළ වාර්තා වුණා.

පසුගිය මාර්තු 21 වැනිදා ඇමී ස්ප්‍රින්ගර් නම් 20 හැවිරිදි තරුණියක් නැගෙනහිර සසෙක්ස් හි පෝට්ස්ලේඩ් හි බෙන්ෆීල්ඩ් නිම්නයේ ක්‍රිකට් සමාජයක් අසලදී සියදිවි නසාගෙන මියගොස් සිටියදී සොයාගන්නට සසෙක්ස් ආරක්ෂක අංශ සමත්වුණා.

ඇමීගේ මරණයෙන් පසුව ඇයට එසේ කරගැනීමට හේතුව සොයාගෙන ගිය අපරාධ පරික්ෂණ නිලධාරීන්ට අත්භූත වට්ස්ඇප් සමූහයක් (WhatsApp Group) ඇයගේ දුරකථනයේ තිබී සොයාගැනීමට හැකිවිය.

එම වට්ස්ඇප් සමූහය වැඩිදුර පරික්ෂා කර බැලූ නිලධාරීන්ට සොයාගැනීමට හැකිවුණේ එම සමූහය තුළ බොහෝ දෙනා සිය දිවි තොර කරගන්න ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇති බවයි.

එම සමූහය භාවිත කළ වෙනත් තරුණියන් දෙදෙනෙකු ද ඊට පෙර සියදිවි හානි කරගෙන තිබුණු බවද එහිදී අනාවරණය වී තිබුණා.

මෙම සමූහයට දැඩිව පුරුදු වී සිටි ඇමී ස්ප්‍රින්ගර් 2020 වසරේ දී 15 වතාවක් ඇයගේ නිවසෙන් අතුරුදහන්ව සිටි තිබුණු අතර 2021 වසරේ දී 03 වතාවක් අතුරුදහන්ව තිබූ බවයි වාර්තා වන්නේ.

ඇයගේ මරණ පරික්ෂණයේ දී එමී හට අස්ථාවර පෞරුෂ ආබාධ සහ සංකීර්ණ PTSD රෝග විනිශ්චය කර තිබුණු බවත් අනාවරණය වී තිබුණා.

වයස අවුරුදු 6 දී ඇගේ වැඩිමහල් සොහොයුරු ඩේවිඩ්ගේ මරණය හේතුවෙන් ඇති වූ "දැඩි හා ජීවිතය සීමා කරන" මානසික පීඩනයෙන් ඇය දැඩි ලෙස පීඩා විඳ තිබුණු බවත් අපරාධ පරික්ෂක නිලධාරීන්ට සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

නමුත් ඇයගේ මරණයට සතියකට පෙර ඇය ඉතාමත් හොඳින් කටයුතු කර තිබුණු බවද ඇය සම්බන්ධ කරන ලද පරික්ෂණවල කටඋත්තර ලෙස කියවී තිබුණා.

ඇය පසුගිය මාර්තු මාසයේ 19 වැනිදා එක්වරම අතුරුදහන් වන්නේ ඇය ගැන කිසිදු හෝඩුවාවක්ද සොයාගැනීමට නොහැකි වන ලෙසයි.

දින දෙකකට පසුව ඇයව වනාන්තරයේදී නැගෙනහිර සසෙක්ස් හි පෝට්ස්ලේඩ් හි බෙන්ෆීල්ඩ් නිම්නයේ ක්‍රිකට් සමාජයක් අසලදී ඇමීව සොයා ගත් අතර ඇයගේ මරණයට හේතුව හුස්ම හිරවීමක් ලෙස වාර්තා වුණා.

Rate this item
(6 votes)
Last modified on Wednesday, 06 October 2021 22:00