March 29, 2024

තලේබාන්වරු ඇෆ්ගනිස්තාන ජාතිකයින් තිදෙනෙක් මරා එල්ලයි

ඇෆ්ගනිස්ථානය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් රජය පිහිටුවන විට බොහෝ පොරොන්දු ලබා දී තිබෙනවා.

තලේබාන් සංවිධානය කියා සිටියේ තමන් කලින් සිදු කළ ආකාරයේ හිංසාවක් තවදුරටත් සිදු නොකරන බවයි. නමුත් යථාර්ථය වෙනත් දෙයකි. මෑත සිදුවීම් වලින් පෙනී යන්නේ තලේබාන් සංවිධානය කිසිඳු ආකාරයකින් වෙනස් වී නැති අතර එය පෙරට වඩා කුරිරු වී ඇති බවයි.

තලේබාන් ත්‍රස්තයින්, සොරකම් කිරීමේ චෝදනා මත පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තැබූ අතර, පසුව මිනිසුන් අතර භීතිය පැතිරවීම සඳහා මළ සිරුරු පාරේ දොඹකරයක් මැද එල්ලා ප්‍රදර්ශනයට තැබා තිබුණා. දැන් එහි පින්තූර සමාජ මාධ්‍ය තුළ වෛරස් වෙමින් පවතිනවා.

ඩේලි මේල් වාර්තාවට අනුව තලේබාන් සංවිධානය ඇෆ්ගන් ජාතිකයින් තිදෙනෙකුට සොරකම් කිරීමේ චෝදනාව යටතේ එවැනි දඬුවමක් ලබා තිබෙනවා. හෙරත් පළාතේදී මෙම පුද්ගලයින් පැහැරගෙන ගොස් වෙඩි තැබූ බව එම වාර්තාවල කියැවුණා. අනතුරුව ඔක්තෝම්බර් 5 දා තලේබාන් සංවිධානය විසින් මළ සිරුරු තුන දොඹකරයකින් එල්ලා තැබීමට කටයුතුකර තිබෙනවා.

හසාරා මුස්ලිම් ප්‍රජාවේ පුද්ගලයින් 13 දෙනෙකු තලේබාන් සංවිධානය විසින් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. ඒ අතර 17 හැවිරිදි තරුණියක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.

ගෝලීය මානව හිමිකම් සංවිධානය වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සිය වාර්තාවේ මේ තොරතුරු දක්වා තිබෙනවා. තලේබාන් සටන්කාමීන් 300 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අගෝස්තු 30 වන දින කිද්ර් දිස්ත්‍රික්කයට ගොස් තිබෙනවා. මෙහිදී ඇෆ්ගනිස්ථාන ජාතික ආරක්ෂක බලකායේ (ඒඑන්එස්එෆ්) හිටපු සාමාජිකයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙයින් නව දෙනෙකුම අසල ගංගා ද්‍රෝණියට ගෙන ගිය අතර, යටත් වීමෙන් පසු ඔවුන්ට මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 October 2021 18:00