April 23, 2024

පැන්ඩෝරා ලේඛනයේ සැඟවුණු සුපිරි තරු : කිසිවෙකුත් කතා නොකළ පිරිසකුත් ඉඳලා

ලෝකයම උඩුයටිකුරු කරමින් නිකුත් වූ පැන්ඩෝරා නම් මූල්‍ය වංචා සහ අයථා වත්කම් ලේඛනය තුළ කිසිවෙකුගෙත් වැඩි කතාබහකට ලක්නොවූ පිරිසක් සිටින බවට වාර්තා වෙනවා.

එම පිරිස අතර ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්, ගායිකාවන්, නළුවන් සහ සංගීත නිර්මාණකරුවන් ඇතුළු පිරිසක් සිටිනවා.

බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත් වැනි ස්ථානයන්වල ඔවුන්ගේ අයථා වත්කම් පිළිබඳව තොරතුරු ජනතාවගෙන් සැඟවීමට භාවිත කර ඇතිබවද පැන්ඩෝරා ලේඛනය ඉදිරිපත් කළ පිරිස පවසා තිබුණා.

ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව විසින් මෙලෙස හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛනයට සඳහා ලබා ගත් ලිපි ගොනුවල නම් ලද කීර්තිමත් පුද්ගලයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන් අතර සිටිනවා.

මෙම ලේඛන අතර ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය ගායිකා ෂකිරා, රූප රාජිනියක් වන ක්ලෝඩියා ෂිෆර් වැනි අයද සිටිනවා..්‍

එමෙන්ම ලෝක ප්‍රසිද්ධ ඩ්‍රම් වාදක රින්ගෝ ස්ටාර්, ලෝක පූජිත ගායකයෙකු වන සර් එල්ටන් ජොන් මෙන්ම ඉන්දීයානු ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ජැකී ෂෙරොෆ්ද සිටින බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 09:30