April 19, 2024

සෙරප්පුවේ සැඟවූ බ්ලුටූත් උපකරණයෙන් ගුරු විභාගයේදී වංචා කරලා (PHOTOS)

September 26, 2021

ඉන්දියාවේ රාජස්ථානයේ රජයේ පාසල් සඳහා ගුරුවරුන් තෝරා ගැනීමේ විශේෂ විභාගයකදී වංචා කිරීමට උත්සාහ කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රාජස්ථාන පොලීසිය කටයුතු කර තිබෙනවා.

මෙහිදී විභාග අපේක්ෂකයින් කිහිප දෙනෙකු සෙරප්පු පැළඳ සිටි බවත්, ඉන් එක් සෙරප්පු පතුලේ බ්ලූටූත් උපාංග සවි කර තිබූ බවත් නිලධාරීන් විසින් මාධ්‍ය වෙත පවසා සිටියා.

රාජස්ථානයේ අජ්මීර්හිදී පැවැත්වූ මෙම විභාගයේ දී එක් සැකකරුවෙකු මුලින්ම හඳුනාගෙන තිබුණු අතර පසුව කරන ලද සූක්ෂම පරික්ෂාවකදී ඉතිරි පිරිසත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණා.

මෙහිදී දුරකථනයක් කොටස් කර සෙරප්පුව තුළ ඉතාමත් සූක්ෂම ලෙස සඟවා තිබුණු අතර එය බ්ලූටූත් තාක්ෂණය හරහා සැකකරු විසින් සිය කනක සවිකරගෙන තිබූ සන්නිවේදන උපකරණයකට සම්බන්ධ කරගෙන තිබෙනවා.

පසුව විභාග ශාලාවෙන් පිටත සිටින අයෙකු විසින් විභාග ප්‍රශ්න සඳහා අදාළ වන පිළිතුරු ඒ හරහා අපේක්ෂකයන් වෙත ලබාදී තිබුණු බවයි වාර්තා වන්නේ.

පොලීසි විසින් මෙම සිදුවීම බරපතළ ගැටලුවක් ලෙස ගෙන ඇති අතර ඔවුන් විසින් කරන ලද මුලික විමර්ශනවලදී සොයාගෙන ඇත්තේ මෙම පාවහන් කිසියම් පිරිසක් විසින් නිෂ්පාදනය කර අලෙවි කරන බවටයි.

මෙවන් සෙරප්පු යුවලක් ඉන්දීය රුපියල් ලක්ෂ 2කට පමණ අලෙවි කරන්නට ඇති බවටයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් රාජස්ථාන පොලීස් අංශ විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

අදාළ සෙරප්පුවේ ඡායාරූපයක් පහතින්,

7tiprcgo

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 September 2021 22:01