April 18, 2024

තලෙයිබානුවන් ඇෆ්ගනිස්තානයේ වොලිබෝල් ක්‍රීඩිකාවක් මරාදමයි

September 25, 2021

තලෙයිබානුවන් විසින් ඇෆ්ගකිස්තානය අල්ලාගැනීමෙන් පසු ඇෆ්ගකිස්තානය තුළ විපර්‍යාස ගොඩක් සිදුවෙමින් පවතිනවා අධ්‍යාපනය, සෞඛ්‍යය, ක්‍රීඩාව, විලාසිතා වැනි අංශ ඒ අතර විශේෂ තැනක් ගන්නවා. මේ අතර බි.බි.සී පුවත් සේවය පවසා සිටින්නේ ඇෆ්ගනිස්තාන කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවක පසුගිය මාසයේ මරා දමා ඇති බවයි. තලේබාන් සංවිධානයට බියේ සැඟවී සිටින හිටපු වොලිබෝල් ක්‍රීඩිකාවන් දෙදෙනකු මේ පිළිබඳව බීබීසී පුවත් සේවයට පවසා තිබුණා.

ඇෆ්ගනිස්තාන කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 30 කුට ආසන්න සංඛ්‍යාවක් එරටින් පැන යාමට බලාපොරොත්තුවෙන් සැඟව සිටින බව එම සාමාජිකාවෝ පවසා තිබෙනවා. පසුගිය මාසයේ ඇෆ්ගනිස්ථානයේ පාලනය නැවත ලබාගත් තලේබාන් සංවිධානය ක්‍රීඩිකාවන්ගේ පවුල්වල අයට තර්ජනය කරමින් සිටින බව එක්සත් රාජධානියට පලාගොස් සිටින ඇෆ්ගනිස්තාන කාන්තා වොලිබෝල් පුහුණුකාරිනී සහරා ෆයාසි සදහන් කළා. පුහුණුකාරිනියක්වීමට පෙ‍ර ඇය ඇෆ්ගන් කාන්තා වොලිබෝල් කණ්ඩායමට වසර 7 ක් නියෝජනය කළා.

"ඔවුන් තමන් සහ තම පවුලේ අය බේරා ගැනීම සඳහා ඔවුන්ගේ ක්‍රීඩා උපකරණ පවා පුළුස්සා දැමුවා. ක්‍රීඩාවට සම්බන්ධ කිසිවක් තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණේ නෑ. අපේ ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකුට තලේබාන් අනුගාමිකයන් අවස්ථා කිහිපයකදීම තර්ජනය කළා.

තලේබාන් සංවිධානය අපේ ක්‍රීඩිකාවන්ගේ පවුල් වලින් ඉල්ලා සිටියේ ගැහැණු ළමයින්ට ක්‍රීඩා කිරීමට ඉඩ නොදෙන ලෙසයි. එසේ නැත්නම් අනපේක්ෂිත ප්‍රචණ්ඩ ක්‍රියාවකට මුහුණ දීමට සිදු වන බව අනතුරු ඇඟෙව්වා" සහරා ෆයාසි වැඩිදුරටත් සදහන්කර සිටියා.

Rate this item
(0 votes)