April 20, 2024

අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක වෙඩි ප්‍රහාරයක්! අයෙක් මිය යයි 12කට බරපතළයි

September 24, 2021

අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මෙම්ෆිස් නගරය අසළ සුපිරි වෙළඳසැලක ඊයේ (23) දිනයේ ෙ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

සැකකරු ද පසුව තමාට වෙඩි තබාගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම්ෆිස් නගරයට නැගෙනහිරින් පිහිටි උප නගර නගරයක් වන කොලියර්විල් හි ක්‍රොගර් සිල්ලර බඩු සාප්පුවක මෙම සිදුවීම වී තිබුණා.

කොලියර්විල් පොලිස් ප්‍රධානී ඩේල් ලේන් මාධ්‍ය වෙත පැවසුවේ වෙඩි තැබූ එක් අයෙකු මිය ගිය අතර වෙඩි තැබූ පුද්ගලයාද තමාටම වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන මියගිය ගොස් ඇති බවයි.

සමහර වෙඩි වැදුණු සමහර අයගේ තත්ත්වය ඉතා බරපතළ බව ලේන් පැවසූ අතර ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් ද සිදුකළා.

අමෙරිකානු පොලීසිය සතුව ඇති විශේෂ බලකායක් වන S.W.A.T කණ්ඩායමක් ද මෙම අපරාධය වන අවස්ථාවේ වෙළෙඳ සංකීර්ණය වෙත කැඳවා තිබුණා. 

එහිදී සේවකයින්ට සහ සාප්පු හිමියන්ට ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට පොලිසිය සහය දැක්වීම සඳහා අන්තරේ යන බව ලේන් පැවසුවා.

පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් පවසා සිටියේ මෙම මෙහෙයුම අතරතුර ශීතකරණ තුළ සහ අගුළු දමා තිබූ කාර්යාල තුළ මිනිසුන් සැඟවී සිටින බව සොයා ගත් බවයි.

සිදුවීම සම්බන්ධයෙන් F.B.I විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 08:31