April 24, 2024

ගල් අඟුරු ව්‍යාපෘති සඳහා චීන ආයෝජන නවතී

September 23, 2021

දේශගුණික විපර්යාසයන් ඇතිවීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති ගල් අඟුරු දහනය කිරීම නැවැත්වීමට චීනය විසින් දැඩි පියවරක් අනුගමනය කිරීමට සුදානම් වෙනවා.

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 76 වෙනි සැසිවාරය අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං පවසා තිබුණේ ගල් අඟුරු ව්‍යාපෘති සඳහා වෙනත් රටවලට චීනය කර ඇති ආයෝජන ඉදිරියේ දී නවතා දමන බවයි.

චීනය ලෝකයේ දැනට විශාලතම ගල් අඟුරු ආයෝජනය කරන්නෙකු වන අතර චීනයේ විශාලතම ගැනුම්කරුවන් වන්නේ ඉන්දුනීසියාව, වියට්නාමය සහ බංග්ලාදේශයයි.

ලෝකයේ ඉහළින්ම සිටින කාබන් විමෝචකයෙකු වන චීනය විසින් 2060 වසර වන විට එය මුළුමනින්ම නවතා දමන බවද චීන ජනාධිපතිවරයා එහිදී ලෝක නායකයින් ඉදිරියේ පවසා තිබුණා.

චීනයේ මෙම තීරණය ක්‍රියාත්මක කරනු ලබන අනිකුත් රටවල් වන්නේ දකුණු කොරියාව සහ ජපානය වන අතර ඔවුන්ද ගල් අඟුරු සඳහා වන ආයෝජනයන් අවම කරමින් සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 07:27