April 24, 2024

මැසිඩෝනියාවේ රෝහලක් රෝගීන් සමඟම ගිනි ගනී

September 09, 2021

උතුරු මැසිඩෝනියාවේ රෝහලක් ගිනි ගැනීම හේතුවෙන් එහි සිටි රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වෙනවා.

එරට ටෙටෝවෝ නගරයේ පිහිටි මෙම රෝහල කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරමින් තිබූ එකක් බවටයි වාර්තා වන්නේ.

එරට වෙලාවෙන් රාත්‍රී 09ට පමණ මෙම ගින්න හටගෙන තිබුණු බවයි ගිනි නිවන අංශයන් සඳහන් කර සිටියේ.

මැසිඩෝනියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මෙම ගින්න නිසා අහිමි වූ ජීවිත ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවයි.

අමාත්‍යවරයා පවසා සිටියේ වෛද්‍යවරුන් අනතුරුට පත්වූවන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා දැඩි මහන්සියක් ගනිමින් සිටින බවයි.

රෝහල ගිනි ගනිද්දී එහි රෝගීන් කෙතරම් ප්‍රමාණයක් සිටියාද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ.

ප්‍රතිකාර ලබමින් සිටි පසුව ගලවා ගත් පිරිස සඳහා තාවකාලික රෝහල් පහසුකම් ලබාදී තිබෙන බවට වාර්තා වෙනවා.

Rate this item
(1 Vote)