April 18, 2024

ශ්‍රී ලංකාවේ රූප සුන්දරිය ජැකලින්ට ඉන්දියාවේ දී වැටුණු නඩුව

September 01, 2021

ඉන්දීය රුපියල් කෝටි 200ක මුදලක් විශුද්ධිකරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රූ සුන්දරියක් මෙන්ම ඉන්දීය බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක වන ජැකලීන් ෆර්නැන්ඩස් හටද චෝදනා එල්ල වී තිබෙනවා.

ඉන්දීය අභ්‍යන්තර පරික්ෂණ අංශයන් විසින් කරන ලද විමර්ශනවලදී හෙළිව තිබුණේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුකේෂ් චන්ද්‍රශේකර් විසින් සමඟ ජැකලීන්ගේ මිතුරියක් වන ලීනා පෝල් හරහා ජැකලීන්ව සම්බන්ධ කරගැනීමට උත්සාහ කර ඇති බවයි.

ජැකලීන්ව මෙම නඩුව සඳහා චූදිතයෙකු කර නොමැති බවත්, ඇය මෙම අපරාධයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති බවට ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (31) දිනයේ දී ජැකලීන්ගෙන් පරික්ෂණ මෙහෙය වන අංශ විසින් පැය 05ක කාලයක් ප්‍රශ්න කර තිබුුණු බවයි සඳහන් වන්නේ.

මෙම අපරාධකරු විසින් තවත් ඉන්දීය ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය කලාකරුවන් සිය අපරාධය සඳහා සම්බන්ධ කරගැනීමට උත්සාහ දරා ඇති බවද සිදුවීම සම්බන්ධව කළ පරික්ෂණවලදී හෙළිවී තිබෙනවා.

Rate this item
(0 votes)