April 19, 2024

ඇෆ්ගනිස්ථානය ඇල්ලූ ත්‍රස්තයන්ට කැබිනට් ඇමතිධූර

හෙට (31) දිනයේ අමෙරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයේ ගුවන්තොටුපොළෙන් ඉවත් වූ පසුව එරට පූර්ණ බලය සිය සංවිධානය යටතට ගැනීමට තලේබාන් සංවිධානය කටයුතු කරමින් ඉන්නවා.

මේ වන විට තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් නව කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කරමින් සිටින බවයි සඳහන් වන්නේ.

මෙම නව කැබිනට් මණ්ඩලය පිහිටුවීමෙන් පසුව එරට පත්ව ඇති ආර්ථික අර්බුදයන් සහ මූල්‍ය අවපාතයන් සඳහා පිළියම් යෙදීමට හැකිවනු ඇති බවටත් තලේබාන් සංවිධානය විශ්වාස කරමින් සිටිනවා.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව ගියත් ඔවුනට ඇෆ්ගනිස්ථානය සමඟ දිගටම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගෙන යන ලෙසද තලේබාන් සංවිධානය විසින් එම රටවල්වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

නව කැබිනට් මණ්ඩලය පත් කරගන්නා දිනය හෝ එහි සාමාජිකත්වය කවුරුන්ද යන්න පිළිබඳව ත්‍රස්තයන් විසින් මෙතෙක් හෙළි කර නැහැ.

Rate this item
(0 votes)