April 24, 2024

අමෙරිකාව පළිය ගනී! ISIS ඉලක්ක වනසා දමයි

කාබුල් නුවර හමීඩ් කර්සායි ගුවන්තොටුපොළ ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව එහි සිදුවූ හානියට පළිය ගන්නා බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මීට පෙර ප්‍රසිද්ධියේ ම පවසා සිටියා.

ඒ අනුව ඊයේ (28) දිනයේ දී ඒ සඳහා වූ මෙහෙයුම් ආරම්භ කළ අතර ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වන අයි.එස්.අයි.එස් සටන්කාමීන්ගේ ජාලය වන “ඉස්ලාමීය රාජ්‍යය-කොරසන් (ISIS-K)” සංවිධානයේ ඉලක්ක කිහිපයක් වෙත ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ල කර තිබුණා.

මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු ගුවන් හමුදා අණදෙන නිලධාරියෙකු විසින් මාධ්‍ය වෙත පවසා තිබුණේ මිනිසුන් රහිත ගුවන් යානා ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ නන්ගාර්හාර් ප්‍රදේශයට එල්ල කළ බවත්, ඉන් ත්‍රස්තවාදීන්ට දැඩි හානි සිදුව ඇති බවත්ය.

පසුගිය බ්‍රහස්තිපතින්දා කාබුල් ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 78 දෙනෙකු මිය ගිය අතර ගුවන්තොටුපොළේ ආරක්ෂාව සඳහා සිටි අමෙරිකානු හමුදා සෙබළුන් 13 දෙනෙකු ද මිය ගියා.

Rate this item
(1 Vote)