March 29, 2024

ඇෆ්ගනිස්ථානය ලෝකයෙන් සැඟවී යාමේ අවදානමක

ඇෆ්ගනිස්ථානයේ මේ වන විට පාලනය ගෙන යනු ලබන තලේබාන් සංවිධානය විසින් එරට මාධ්‍ය ආයතනයන්වලට දැඩි සීමා පැනවිමක් සිදුකරමින් සිටින බවට වාර්තා වෙනවා.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පවා චෝදනා කරන්නේ තලේබාන් සංවිධානය මාධ්‍ය නිදහස ලබාදෙන බවට පවසමින් මාධ්‍ය මර්දනයක නිරතව සිටින බවයි. 

මෙය ඇෆ්ගනිස්ථානයේ සැබෑව ලෝකයෙන් සැඟවීමට ගන්න උත්සාහයක් ලෙසද ඔවුන් විසින් චෝදනා කරමින් සිටිනවා.

මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බවට මාධ්‍යවේදීන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර තිබුණා.

මීට පෙරද ජර්මානු මාධ්‍යවේදියෙකු සොයා තලේබාන් සංවිධානය විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී එම මාධ්‍යවේදියාගේ ඥාතීයෙකුද වෙඩි තබා ඝාතනය කළා.

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගත් පසුව කාන්තාවන්ට සහ මාධ්‍යවේදීන්ට නිදහස ලබාදෙන බව පැවසුවත් දැන් එම කිසිවක් සිදුනොවන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)