ඇෆ්ගන් හී කාබුල් නුවර, අමෙරිකානු හමුදා පාලනය යටතේ තිබූ ගුවන්තොටුපොළට එල්ල වූ මාරක බෝම්බ ප්‍රහාරයෙන් පසුව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් විසින් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.
මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත් කළ අයි.එස්.අයි.එස් ත්රස්තයන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කරන්න බවට ජනාධිපතිවරයා විසින් මාධ්‍ය ඉදිරියේ ප්‍රතිඥාවක් ද ලබාදුන්නා. ත්රස්තයන් හේතුවෙන් කිසිම හේතුවක් නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් නවතා නොදමන බවටද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු ද මරණයට පත්ව තිබුණු අතර ජනාධිපතිවරයා විසින් එම සෙබළ පවුල් වෙත සිය කනගාටු පුද කිරීමටද සිය විශේෂ ප්‍රකාශය අවස්ථාවක් කර ගත්තා.
ජනාධිපතිවරයා එහිදි සඳහන් කර සිටියේ මෙම ප්‍රහාරය පිටුපස සිටින කිසිවෙකුට අමෙරිකාව සමාව නොදෙන බවයි. ඒ පිළිබඳව කිසිම දිනක අමතක නොකරන බවත්, ඔවුන් පසුපස හඹා ගොස් දඩයම් කර වන්දී ගෙවීමට සලස්වන බවද සඳහන් කර සිටියා.
මෙම ප්‍රහාර පිටුපස ජිහාඩ් බෙදුම්වාදී කණ්ඩායම යැයි සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ඛොරසන් (අයිසිස්-කේ/අයිඑස්-කේ) ත්රස්තයන් සිටින බවට අමෙරිකාව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් ඉලක්ක ගත ප්රහාරයන් දියත් කිරීමට පෙන්ටගනය වෙත දැනටමත් උපදෙස් ලබාදීමට ධවල මන්දිරය කටයුතු කර තිබෙනවා.