April 19, 2024

ලොවක් වශී කළ ඉන්දීය සුරූපි නිළියටත් මත්ද්‍රව්‍ය චෝදනා

ඉන්දියානු සිනමාවේ නැඟී එන සුරූපී නිළියක් වන රාකුල් ප්‍රීත් සින්ග්ව මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඉන්දියානු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් කටයුතු කිරීමට නියමිත බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඇයව මෙලෙස ප්‍රශ්න කිරීමට යන්නේ වසර 04ක් පැරැණි මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන්.

රාකුල්ට අමතරව අතිශයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබූ බාහුබලී චිත්‍රපටයේ හතුරාගේ චරිතය සඳහා රංගනයෙන් දායක වූ රානා දග්ගුබටි ඇතුළු තවත් ඉන්දීය කලා ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ද මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිතයි.

2017 වසරේ දී ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද වැටලීමකදී ඉන්දිය රුපියල් ලක්ෂ 30ක් වටිනා මත්ද්‍රව්‍ය සොයා ගැනීමට සමත්ව තිබුණු අතර එහිදී චෝදනා 11ක් යටතේ වැරැදිකරුවන්ට නඩු පවරා තිබුණා.

මේ සම්බන්ධව දිගින් දිගටම කරන ලද විමර්ශනවලදී මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියට පුද්ගලයින් 62 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබුණු අතර ඉන් 30ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් 11 දෙනෙකු ඉන්දීයානු සිනමාවේ ඉහළ පෙළේ චරිත වන බවටයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 August 2021 00:01