April 25, 2024

චීන ජනපති ලෝකයටම හොරා ගිය කිසිවෙකුත් නොසිතූ සංචාරය

දැඩි එදිරිවාදිකම් සහිත රටවල් දෙකක් වන චීනය සහ ටිබේටය ඉතිහාස ගත ස්ථානයකට පත්ව තිබෙනවා.

ඒ පළමුවරට චීන ජනාධිපතිවරයෙක් ටිබේට් රාජ්‍යයේ සංචාරයක නිරතව වීමයි.

චීන ජනාධිපතිවරයා වන ෂී ජින් පිං විසින් පසුගිය බදාදා (21) දිනයේ දී ටිබෙට් සංචාරය ආරම්භ කළ අතර ඊයේ (23) දිනය දක්වා ඔහු ටිබේට් රාජ්‍ය තුළ සිට තිබෙනවා.

නමුත් මෙම සංචාරය සම්බන්ධයෙන් චීන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයාගේ සංචාරය අවසන් වු පසුවයි.

වසර 30කට පසුව චීන රාජ්‍ය නායකයෙකු ටිබෙට් රාජ්‍ය වෙත පැමිණි අවස්ථාවද මෙය වන බවයි වාර්තා වන්නේ.

Rate this item
(7 votes)