April 19, 2024

දකුණු අප්‍රිකානු හිටපු ජනපති ජීවිත 276ක් බිලිගනී

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයා වන ජෙකොබ් සූමා සිරගත කිරීමට එරෙහිව දකුණු අප්‍රිකාව පුරාවට උද්ඝෝෂණ මාලාවන් පැවැත්වෙමින් තිබෙනවා.

මෙම උද්ඝෝෂණ අතර සිදුවූ ගැටුම්වලින් මේ වන විටත් පුද්ගලයින් 276කට සිය ජීවිත අහිමිවෙලා.

මෙහිදී දකුණු අප්‍රිකාවේ  ක්වාසුළු-නටාල් සහ ගෝතෙන්ග් පළාත්වල ඇතිවුණු කැරලි කෝලාහලවලින් ව්‍යාපාර දහස් ගණනක් විනාස වෙලා ගිහින් තිබෙන අතරේ එම වෙළෙඳසැල් කොල්ලකෑමට ලක්වෙලා.

එරට පැවැති වර්ගවාදී කැරලි කෝලහාලවලින් අනතුරු පැවැති ප්‍රචණ්ඩකාරීම අවස්ථාව මෙය බවටත් වාර්තා වෙනවා.

මෙම උද්ඝෝෂණ මර්දනය කිරීමට සඳහා එරට හමුදා සාමාජිකයන් 25,000ක් යොදවලා තියෙනවා.

වෙළෙඳසැල් කොල්ලකෑම සහ පොදු දේපළ හා පෞද්ගලික දේපළවලට හානි කිරීමට යටතේ මේ වන විට පුද්ගලයින් දහසකට වඩා අත්අඩංගුවට ගෙන තියෙනවා.

Rate this item
(0 votes)