April 25, 2024

මහ වැස්සකින් චීනය යට වෙයි - පුද්ගලයින් දස දහසක් ආරක්ෂිත තැන්වලට

චීනයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මධ්‍යම චීනයේ සමහර ප්‍රදේශවල දැඩි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මෙම වාර්තාගත වර්ෂාපතනයෙන් පසු හේනාන් පළාතේ 10,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගොස් ඇති බවත් සඳහන් වෙනවා.

වර්ෂාවත් සමඟ  ගංවතුර ආරම්භ වූ දා සිට ෂෙන්ෂෝ නගරයේ පමණක් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව චීන බලධාරීන් පවසා සිටිනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් වසා දමා තිබෙන අතර ගුවන් ගමන් වාරයන්ද අවලංගු කර තිබෙනවා.

මෙම ගංවතුරින් පීඩාවට පත්ව සිටින චීනයේ හේනාන් පළාතේ පුද්ගලයින් මිලියන 94ක් පමණ ජීවත් වෙනවා. එමෙන්ම එම පළාතට ඉහළම මට්ටමේ කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Rate this item
(0 votes)