April 25, 2024

අමෙරිකාවේ වනාන්තර අක්කර ලක්ෂ 03ක් විනාශයි!

අමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයට බලපෑ ඇති ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ වනාන්තර භූමියෙන් අක්කර ලක්ෂ 03ක් පමණ විනාශ වී ඇති බවට වාර්තා වෙනවා.

එමෙන්ම එම ප්‍රදේශයෙන් පුද්ගලයින් දහස් ගණනක් ඉවත් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු ඉතිහාසය තුළ වාර්තා වූ දැවැන්තම ලැව් ගින්නක් ලෙසද මෙය සලකනු ලබනවා.

“බූට්ලෙග් (Bootleg)” නමින් හඳුන්වනු ලබන මෙම ගින්න පැතිර යාම ආරම්භ වී තිබුණේ පසුගිය ජූලි 06 වැනිදායි.

අමෙරිකාවට බලපෑ ඇති ප්‍රබල සූර්ය කිරණ තත්ත්වය නිසා මෙම ගින්න ඇතිවන්නට ඇති බවත් එය පාලනය කිරීමට නොහැකිව පවතින බවත් වාර්තා වෙනවා.

Rate this item
(0 votes)