April 25, 2024

සයිබර් ප්‍රහාර නවත්වන්න අමෙරිකාවෙන් විශේෂ බලකායක්

අමෙරිකාව වෙත දිගින් දිගටම එල්ල වන සයිබර් ප්‍රහාරය මැඩ පැවැත්වීමේ අරමුණින් බයිඩන් පරිපාලනය විසින් බහු නියෝජිත කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බවට වාර්තා වෙනවා.

මෙම විශේෂ කාර්ය සාධක බලකාය විසින් ධවල මන්දිරයේ දී නිතිපතා රැස්වීමට නියමිත අතර එහිදී සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාකාරම් වැළැක්වීම සහ ඒවාට ගත හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි‍ෙ

මෙම කාර්ය සාධක බලකාය හරහා අන්තර්ජාලය ඔස්සේ කප්පම් ගැනීම වැළැක්වීමත් ඒවාට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සම්බන්ඳතා ගොඩ නඟා ගැනීම යන කාරණාවන්ද ඇතුළත් වෙනවා

මෙම ක්‍රියාවලිය ලෝකය පුරාවට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශයන් දෙක ඔස්සේ ක්‍රියාත්මක කිරීමට ඔවුන් සුදානමින් සිටිනවා.

Rate this item
(0 votes)