April 25, 2024

පිහි ඇනුමකින් වූ හානියක් නිසා බ්‍රසීල ජනපති රෝහල් ගත කරයි

නොවතින ඉක්කා වැටීමක් නිසා බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙනවා.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරි පැය 48ක කාලයක් තුළ දැඩි අධීක්ෂණයකට ලක් කිරීමට නියමිත බවත් සඳහන්.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහු හොඳින් සිටි බවත්ය.

2018 වසරේ දී ජනාධිපතිවරණ රැළියක් අතරතුර දී ජනාධිපතිවරයා හට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන තිබුණා. එහිදී ඔහුගේ තත්ත්වය බරපතළව තිබූ අතර ඔහුගේ ශරීරයේ රුධිර මට්ටමෙන් 40%ක ප්‍රමාණයක් අහිමිව තිබුණු බවද සඳහන් වෙනවා.

එමෙන්ම අවස්ථා කිහිපයක දීම ඔහුට විවිධ සැත්කම් කර තිබුණේ ද මෙම පිහි ඇනුම් ප්‍රහාරය නිසා බවයි සඳහන් වන්නේ. 

මෙම නොවතින ඉක්කා තත්ත්වයද පිහි ඇනුම් නිසා හටත් පසු රෝගී තත්ත්වයක් මත ඇතිවූවාද යන්න පිළිබඳවත් මතයන් පළවෙමින් තිබෙනවා.

වෛද්‍යවරුන් විසින් සඳහන් කර තිබුණේ මෙම ඉක්කා තත්ත්වය උදරය ආශ්‍රිතව කරනු ලබන සැත්කම්වලින් පසුව හටගන්නා දෙයක් බවයි.

බ්‍රසීලය තුළ ජනපති බොල්සනාරෝ හට විරුද්ධව දැඩි ජනතා විරෝධයක් ද එල්ල වෙමින් තිබෙන අවස්ථාවකයි ජනාධිපතිවරයා මෙලෙස රෝගී වී තිබෙන්නේ.

Rate this item
(5 votes)