April 20, 2024

පිපිරීමකින් චීන ජාතිකයින් 09ක් මරුට! පාකිස්ථානය සහ චීනය උණුසුම් වෙයි

පාකිස්ථානයේ සිදුවූ බස් රථ පිපිරීමකින් චීන ජාතිකයින් 09 දෙනෙකු මිය යෑමත් සමඟ චීනය සහ පාකිස්ථානය අතර උණුසුම් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

පාකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ චීන සහාය සමඟ ඉදි කරනු ලබන ජල විදුලි බලාගාරයක සේවය කරමින් සිටි චීන සේවයකයන් පිරිසක් මෙලෙස මියගොස් තිබෙනවා.

පාකිස්ථානය පවසා සිටියේ ජල විදුලි බලාගාරය ඉදි කරමින් සිටින ස්ථානය වෙත චීන ජාතිකයින් ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් පෙරළි ගොස් ඇති බවත් ඉන් අනතුරුව සිදුවූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් බස් රථය පුපුරා ගොස් ඇති බවයි.

මෙම සිදුවීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් 28 දෙනෙකු දැඩි තුවාල ලබා රෝහල් ගත කර තිබුණා. මිය ගිය 12 දෙනා අතර චීන ජාතිකයින් 09 දෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයින් 03 සිටිනවා.

පාකිස්ථානය විසින් මෙය කාර්මික දෝෂයක් හේතුවෙන් වූ අනතුරක් ලෙස පැවසූවත් චීනය විසින් එය පිළිගෙන නැහැ. ඔවුන් විසින් දිගින් දිගටම චෝදනා කරමින් සිටින්නේ මෙම ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූ දෙයක් බවයි. වහාම ප්‍රහාරය දියත් කළ පිරිස් සොයා දඬුවම් ලබාදෙන ලෙසද චීනය විසින් පාකිස්ථානය වෙත පවසා තිබෙනවා.

මීට පෙරද චීනය තානාපතිවරයාට නවාතැන් පහසුකම් සැපයූ හෝටලයක් වෙත තලේබාන් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

පාකිස්ථානය සහ චීනය ළඟම මිතුරන් වූවත් මෙම සිදුවීම හේතුවෙන් දෙරට අතර යම් මතභේදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසා තිබෙන්නේ.

Rate this item
(5 votes)