April 25, 2024

හිටපු ජනපති සිරගෙට - දකුණු අප්‍රිකාව ගිනියම් වෙයි

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයා වන ජෙකොබ් සූමාව එරට අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මාස 15ක කාලයක් සඳහා සිරගත කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ දකුණු අප්‍රිකාව පුරා උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන අතර සූමාගේ ආධාරකරුවන් විසින් නගර පුරාවට කැරලිකෝලහාල ඇති කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හිටපු ජනාධිපතිවරයාගේ උපන් ප්‍රදේශය වන දකුණු අප්‍රිකාවේ ක්වාසුලු-නටාල් සිට එරට අගනුවර වන ජොහැන්ස්බර්ග් දක්වා මෙම විරෝධතා පැතිරෙමින් තිබෙන බවට එරට ආරක්ෂක අංශ වාර්තා කර තිබෙනවා.

මේ වන විටත් පුද්ගලයින් 60 දෙනෙකු අත්අඩංගුවටද ගෙන තිබෙනවා.

මෙම උද්ඝෝෂකයන් විසින් පොදු සහ පෞද්ගලික දේපළවලට අලාභ හානි වන ආකාරයෙන් හැසිරී ඇති බවටද දකුණු අප්‍රිකානු ආරක්ෂක අංශ මාධ්‍ය වෙත පවසා තිබුණා.

Rate this item
(5 votes)