April 18, 2024

මරණයේ සෙවනැල්ලේ සිට ඇෆ්ඝනිස්තානය චීන, රුසියා, ඉන්දියා හමුදාවන්ට ආයාචනා කරයි

ඇෆ්ඝනිස්තානයෙන් භූමියෙන් 85%ක පමණ ප්‍රදේශයක් මේවන විට තලේබාන් ත්‍රස්තවාදී සංවිධානය විසින් යටත් කරගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ වසර ගණනක් ඇෆ්ඝන් රජයට ආරක්ෂාව සැපයූ සිය‍ හමුදා ඇෆ්ඝනිස්තානයෙන් ඉවත් කරගැනීමට අමෙරිකාව තීරණය කිරීමත් සමග යි.

උදා වී ඇති තත්ත්වයත් සමග තමන්ට සහය ලබා දෙන්නැයි ඇෆ්ඝන් රජය විසින් බලවත් විදෙස් රටවල්වලින් ඉල්ලා සිටිනවා.

ඇෆ්ඝන් රජය රුසියානු, චීන සහ ඉන්දියානු ආරක්ෂක හමුදාවන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය රටට ගොඩබසින ලෙසට යි.

ඕනෑම ආකාරයේ මෙහෙයුමකට ඉඩලබා දෙන බව ද ඔවුන් පවසනවා.

මේ අතර විදෙස් විස්ලේෂකයින් සඳහන් කරන්නේ තලේබාන් ත්‍රස්තයින් අතට ඇෆ්ඝනිස්තානයේ බලය හුවමාරු වීමත් සමග ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානය ද කලාපය තුළ යළි හිස එසවිය හැකි බවට යි.

Rate this item
(5 votes)