April 16, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වැඩ අරඹයි - දැවැන්ත ආයතනයන් කිහිපයකටම නඩු දමන්න යයි

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ට්විටර්, ෆේස්බුක් සහ ගූගල් සමාගම්වලට එරෙහිව නඩු මඟට පිවිසීමට සුදානම් බව පවසා තිබෙනවා.

පසුගිය සමයේ දී ඔහු විසින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන ලද පණිවිඩ ජනතාව නොමඟ යවන සුළු බවට ප්‍රකාශ කරමින් එම ආයතනය ඔහුගේ සමාජ මාධ්‍ය ගිනුම් අත්හිටුවීමට තීරණය කර තිබුණා‍ෙ

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහාය පළ කරන්නන්වද මෙලෙස වාරණය කිරීමටද ඔවුන් වැඩිදුරටත් කටයුතු කර තිබුණා

හිටපු ජනාධිපතිවරයා විසින් එහිදී පවසා තිබුණේ එම සියලු ආයතනයන්ගේ ප්‍රධානීන් වන මාක් සකර්බර්ග්, සුන්දර් පිචායි, ජැක් ඩෝර්සිට ඉහළම මට්ටමේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Rate this item
(0 votes)